හදිසියේ ඇතිවූ ගින්නකින් කළුතර කෝටි දෙකහමාරක් අළු

518

කළුතර කටුකුරුන්ද හන්දියේ පිහිටි පුවත්පත් අලෙවි සැලක් ඊයේ (4 දා) අළුයම හටගත් හදිසි ගින්නකින් විනාශ වී තිබේ.ගාලු පාරට යාබදව පිහිටි මෙම වෙළෙඳ ආයතනයේ සහල්, සිල්ලර බඩු ආදී භාණ්ඩද අලෙවි කෙරේ.වෙළෙඳ සැළ අයිතිකරු පැවසුවේ මෙම ගින්නෙන් රු. කෝටි දෙකහමාරක පමණ අලාභයක් තමනට සිදුවී ඇති බවයි.කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඬ පවත්වා තිබේ. කළුතර දකුණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment