හදිසි ගින්නකින් ඉතාලියේ මහල් 20ක ගොඩනැ`ගිල්ලක් විනාශ වේ

221

හදිසි ගින්නක් හේතුවෙන් ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි මහල් 20කින් සමන්විත තට්ටු නිවාස සංකීර්ණ ගොඩනැ`ගිල්ලක් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබේ. පෙරේදා (29දා* තට්ටු නිවාස ගොඩනැ`ගිල්ලේ 15 වැනි තට්ටුවේ සිටි නිවැසියකු විසින් පළමුව ගින්න දැක අනතුරු ඇඟවීමේ නළාව නාද කිරීම හේතුවෙන් ගින්න පැතිරීමට පෙර මහල් 20 හි සිටි සියලූ දෙනා ගොඩනැ`ගිල්ලෙන් ඉවත් කිරීමට හැකි වූ බව බලධාරීහු පවසා තිබේ.

 මෙම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත් එය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමට හේතු වී ඇත්තේ ගොඩනැ`ගිල්ල ඉදිකර තිබූ ආකෘතිය හේතුවෙන් බව මිලානෝ නගර බලධාරීන් පවසා තිබේ. මෙම ගින්නෙන් කිසිවකු අතුරුදන් වී ඇති බවට හෝ මියගොස් ඇති බවට වාර්තා වී නොමැති අතර ගිනි නිවන හමුදා භටයෝ ඊයේ (30දා* දිනයේද ගින්න නිවා දැමීමේ කාර්යයෙහි නිරතව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment