හදිසි තත්ත්වයෙන් ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අතරමග නවතී

307

කොළඹ සුගතදාස  ක්‍රීඩාංගණයේදී ඊයේ (09 වැනිදා) ආරම්භ වූ ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. ඊයේ දිනයේදී රටේ ඇති වූ හදිසි කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගැනීමට තරග සංවිධායකයන් තීරණය කර තිබෙන අතර තරගාවලිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පැවැත්වීමට දැනට තීරණය කර තිබේ.

හදිසි තත්ත්වයෙන් ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අතරමග නවතී

තරග ඉසව් 129කින් සමන්විත වූ ජාතික කනිෂ්ඨ ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000කට ආසන්න ගණනක් සහභාගි වීමට නියමිතව තිබිණි. ඒ අනුව දින 4කින් සමන්විත වූ තරගාවලියේ පළමු දින වූ ඊයේ දිනයේදී අවසන් තරග ඉසව් 21ක් පැවැත්වීම නියමිතව තිබිණි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී රටේ හදිසි කලබලකාරී තත්ත්වය ඇති වීමට පෙර තරග ඉසව් කිහිපයක් පැවැති අතර එම තරග ඉසව්වල ද ප්‍රතිඵල නිකුත් කිරීම නවතා දැමීමට තරග සංවිධායක කමිටුව තීරණය කර තිබිණි.

කසුන් රණවීර

ඡායාරූප – කමල් බෝගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment