හදිසි තත්ව ගැසට්ටුව ඉවත් කරන්නැයි නීතීඥ සංගමයෙන් ඉල්ලීමක්

179


රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් පත් කිරීමේ නියෝගය සහිත ගැසට් නිවේදනය අවලංගු කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත .

සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළ කිරීමේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ද එකී ලිපිය මගින් ඉල්ලා තිබේ .

රට තුළ හදිසි තත්වයක් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පවතින වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බවත් එහි දැක්වේ .

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ එම සංගමයේ ලේකම් ඉසුරු බාලපටබැදි යන මහත්වරුන් ගේ අත්සනින් යුතුව එම ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment