හදිසි තීරණයක් නොවේ: ජනපතිට පැවැරි ඇති බලයක් – ඇමැති ජී. එල්. කියයි

283

පාර්ලිමේන්තු වාර අවසන් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා හදිසියේ ගත් තීරණයක් නොවන බවත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට සෘජුව පැවරී ඇති බලයක් බවත් මෙම බලය මේ රටේ සියලූම ජනාධිපතිවරුන් පාවිච්චි කර ඇති බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

1978 සිට අද දක්වා මේ රටේ සිටි සියලූම ජනාධිපතිවරුන් එම බලය පාවිච්චි කර තිබෙන බවත් එය පාවිච්චි කිරීමට සිදුවන බැවින් එය සුවිශේෂී අවස්ථාවක් නොවන බවත් සඳහන් කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියේ 1 වන උප වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට, විසුරුවා හැරීමට හා පාර්ලිමේන්තුවේ සැසිවාරයක් අවසන් කිරීමට බලය තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියේ තුන්වන වගන්තියෙන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් නිකුත් කරන නියෝගයේ නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය සඳහන් විය යුතු බවත් ඒ අනුව මාස දෙකක් ඇතුළත අලූත් සැසිවාරය ආරම්භ විය යුතු බවත් හෙතෙම කීවේය.

මෙමගින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාවක් නොවන බවත් පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භවන්නේ පාර්ලිමේන්තුව කල් තබන විට තීරණය කළ දිනට වඩා සතියකින් පසුව බවත් පැවැසූ ඇමැතිවරයා පාර්ලිමේන්තු කමිටු සැසිවාරය ආරම්භ වූ පසු යළි ස්ථාපිත වන බවත් පැවැසීය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment