හදිසි නඩත්තුවකට නොරොච්චෝලේ යන්ත්‍රයක් 15 දා අක්‍රීය කරයි

160

දැනට අක්‍රීය වී තිබෙන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයට අමතරව මෙගොවොට් 300ක් ජනනය කරන තවත් යන්ත්‍රයක් ලබන 15 වැනිදා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තකට අක්‍රීය කර දැමීමට සිදු වී ඇත.

ඉකුත් කාලයේ විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගොවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර තුනම ජාතික පද්ධතියට එක් කිරීමට සිදු වූ නිසා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කළ නොහැකි වූ බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ පවසති.

මේ නිසා ඉකුත් දින දෙක තුනකට පෙර එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය විය. ඒනිසා මෙගාවොඩ් 270ක් ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් විය. එය යළි පද්ධතියට සවි කිරීමට දින හත අටක් ගතවනු ඇතැයි ද ඉංජිනේරුවෝ සඳහන් කරති.

මේ වනවිට තාප විදුලි බලාගාර හා ජල විදුලි බලාගාරවලින් උපරිම විදුලි ප්‍රමාණයක් ලබා ගනිමින් දිනකට විදුලිය කපා දමන කාලය පැය තුනයි විනාඩි විස්සක කාලයකට සීමා කර ගැනීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් නොරොච්චෝල බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීම නිසා එම බලාගාරය දැඩි අනතුරක පවතින බවද ඒනිසා ඕනෑම මොහොතක බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීය වී යා හැකි බවද විදුලි ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment