හදිසි මිලදී ගැනීමකට ලංවිමට යෝජනාවක් : ගත්තොත් මාසික වැය කෝටි 216 ක්

170

හදිසි මිලදී ගැනීම් යටතේ දවසකට මෙගාවොට් සියයක් ලබාගැනීමට අදාළ යෝජනාවක් මේ වනවිට විදුලිබල මණ්ඩලයට ලැබී ඇතැයි ද එම ප‍්‍රමාණය ලබාගනු ලැබුවහොත් මසකට ඒ සඳහා වැයවන මුදල රුපියල් කෝටි 216 ක් යැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට හෙළි කළේය.

හදිසි මිලදී ගැනීම් යටතේ විදුලි ඒකකයක මිල රුපියල් 40 ක අගයක් මත මෙම ගණනය කිරීම් කළ බවත් පවතින විදේශ මුදල් අනුපාත අනුව එම මිල තවත් වැඩි විය හැකි බවද හෙතෙම පැවසීය.

මෙරට විදුලි පාරිභෝගිකයන් ගණන ලක්‍ෂ හැටකි. සෑම නිවසකම දැල්වෙන එක විදුලි බල්බයක් නිවා දමන්නේ නම් ඉන් දිනකට ඉතිරි කරගත හැකි මෙගාවොට් ප‍්‍රමාණය සියයක් බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් මේ වනවිටත් හදිසි මිලදී ගැනීම් යටතේ විදුලිය මිලදී ගන්නේ නම් මෙගාවොට් 500 ක් වුවත් ලබාදිය හැකි සමාගම් කිහිපයක් සතියකින් දෙකකින් එම විදුලිය ලබාදීමට සූදානමින් සිටින බවද ඒ මහතා පැවසීය. මීට පෙරාතුව එම අයගෙන් හදිසි මිලදී ගැනීම් සිදු කළ නිසා ඒ අය කෙලින්ම එම බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගෙන ඉල්ලන සැනින් ජාතික විදුලි පද්ධතියට අදාළ විදුලිය ලබාදීමට සූදානමින් සිටින බවට දැනුම්දී ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරයා තවදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment