හදිසි මිල දී ගැනීම් යටතේ මෙගාවොට් 200ක් ගන්න මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර

78

හදිසි මිල දී ගැනීම් යටතේ මෙගාවොට් 200ක විදුලිය ලබාගැනීමට අදාළ යෝජනාවට ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ද අවසර ලබා දී තිබේ.

ඉදිරි මාස හයකට අදාළව පෞද්ගලික විදුලි බලාගාර හිමි පාර්ශ්වවලින් විදුලිය මිල දී ගැනීම සඳහා ගිවිසුම් ගතවීම මේ දිනවල සිදුකරන බව ඉංජිනේරුවෝ කියා සිටියහ.

ඒ අනුව මේ වනවිටත් මෙගාවොට් 90ක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදීමට පෞද්ගලික ඞීසල් බලාගාර හිමි පාර්ශ්ව එක`ගතාවකට පැමිණ සිටින අතර හෙට අනිද්දාම ඔවුන්ගෙන් විදුලිය මිලදී ගන්නා බව ලංවීම සඳහන් කළේය. මෙරට විදුලි අර්බුදය විසඳීම සඳහා පෞද්ගලික ඞීසල් බාලාගාරවලින් මෙගාවොට් 200ක් ලබාගැනීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවකට ඉකුත් කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය පළවී තිබිණි.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment