හදිසි විදුලිය මිලදී ගන්න 16 වතාවක් ගේම් ගහලා

588

කොමිසම අවසර නොදීමෙන් කෝටි 57100 ක් රැකෙයි විදුලිය කැපීමට අවසර නොදීමෙන් කෝටි 3100 ක වාසියක්

අඛණ්ඩව රටට විදුලිය ලබාදීමට යැයි කියමින් 2015 සිට 2020 දක්වා කාලයේදී හදිසි මිලදී ගැනීම් :ෑපැරටැබජහ ඡුදඇර) යටතේ විදුලිය ගැනීමට විදුලිබල මණ්ඩලය දහසය වතාවක් සිය කොමිසමෙන් අවසර ඉල්ලුවත් ඊට අවසර නොදුන් නිසා රුපියල් කෝටි 57,100ක මුදලක් රටට ඉතිරි කරදීමට හැකි වූ බව ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

එලෙස අවසර දුන්නේ නම් එම මුදල් පෞද්ගලික ඞීසල් බලාගාර හිමියන්ට ලැබෙන බව ද ඒ මහතා කීවේය.

2009 ශී‍්‍ර ලංකා විදුලි ජනන හා 2002 මහජන උපයෝගිතා පනත මගින් කොමිසමට ලැබී තිබෙන බලතල අති ප‍්‍රබල යැයි ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා තීරණය වුවත් බල රහිත කිරීමට කොමිසමට හැකි යැයි ද ඒ මහතා සඳහන් කළේය.

ඉකුත් සති තුනක පමණ කාලයක සිට විදුලි කප්පාදුවකට යායුතු බවට විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ද මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලුවත් ඊට අවසර නොදීමෙන් රටට රුපියල් කෝටි 3100ක ආර්ථිකමය වාසියක් අත්වී තිබෙන බව ද ඒ මහතා කීවේය.

ඉල්ලුම හා සැපයුම සම්බන්ධව කොමිසම සතුව සියලු දත්ත ඇතැයි ද යම්කිසි කාලයක් විදුලි කපා දැමීමකට අවසර ඉල්ලුවත් අවසර ලබාදීමට පෙර ඒ පිළිබඳ සොයා බලන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ලංවිම පාලනාධිකාරිය විසින් විදුලිය කපා හැරීමට අවසර ඉල්ලා නො තිබුණ ඉකුත් බ‍්‍රහස්පතින්දා (03 වැනිදා) රටේ ප‍්‍රදේශ රැසක පැයක පමණ කාලයක් විදුලිය කපා දැමීම පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද එසේ විදුලිය කපා හැරීම කඩාකප්පල්කාරිව සිදුවී තිබේ නම් ඊට එරෙහිව නෛතික පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.

අංශ තුනක් යටතේ මෙම පරීක්ෂණ සිදු කරන බවත් ඉකුත් 04 වැනිදා වනවිට නීතිඥවරුන්ට එම කටයුතු භාර කළ බව ද ඒ මහතා කිවේය. කෙසේ වෙතත් හදිසි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට කි‍්‍රයා කළත් ඊට අවසර දෙන්නේ ද නැද්ද යන තීරණය අවසාන වශයෙන් ගනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසම යැයි ද ජනක රත්නායක මහතා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment