හඳහනින් පිළිබිඹු වන ධර්මපාල චරිතය

47

මේ කේන්ද්‍රයෙහි දැකිය හැකි තවත් ඉතා ප්‍රබල ග්‍රහ යෝගයක් ඇත. එනම් ලග්නාධිපති වන බුධ, පස් වන භාවය අධිපති ශනි, නව වන භාවය අධිපති සිකුරු සහ රවි ද යන ග්‍රහයන් ලග්න භාවයේ සංයෝග වී සිටීමයි. පුරාතන ජ්‍යොතිෂ ග්‍රන්ථවල ඉෂ්ට බල යෝගය නමින් හැඳින්වෙන අතිප්‍රබල ග්‍රයෝගය මෙය යි. මෙහි ප්‍රතිඵල වශයෙන් රජකුට සමාන තත්ත්වයක් ලැබෙතියි කියැ වේ. පරාශර ඍෂි මතය අනුව, මේ යෝගය ලද්දා රාජ්‍යයෙහි අභිෂේකය හෙවත් රජකම ලබයි. බුධ ග්‍රහයා ලග්නයේම උච්ච වීමෙන් විදුරවි යෝගය ද උදාව ඇත.

කවරකුගේ වුවද ජීවන තොරතුරු, චරිත ස්වභාවය, ගති ගුණ විදහා දක්වන කැඩපත නම් හඳහනයි. දක්ෂ ජ්‍යොතිෂඥයකුට යමකුගේ හඳහන මනාව විමසා බලා ඔහුගේ මුළු ජීවන චරිතයම බොහෝ දුරට නිවැරැදිව විස්තර කළ හැකි වෙයි. ඒ අනුව, මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ වීරයකුගේ, ජාති හිතෛෂී උදාර පුරුෂයකුගේ ජන්ම පත්‍රය හෙවත් හඳහන මගින් එතුමාගේ චරිතය පිළිබිඹුව ඇති අයුරු විමසා බලමු. පහත දැක්වෙන්නේ එතුමාගේ ලග්න, නවාංශක කේන්ද්‍රයයි.

හඳහනින් පිළිබිඹු වන ධර්මපාල චරිතය

මෙහි අතිප්‍රබල ග්‍රහ යෝග කිහිපයක් විiමාන වේ. ලග්නයෙහිම බුධ උච්ච වීමෙන් භද්‍රා යෝගය යෙදිණි. මෙය පංච මහා පුරුෂ යෝග අතරින් එකක් සේ ගැනේ. එහි ප්‍රතිඵල වශයෙන් මෙතුමා දේශදේශාන්තරවල සුප්‍රකට කථිකයෙක් විය. ඇමෙරිකාවේ පැවැති ආගමික සම්මේලනයකදී බුද්ධ ධර්මය පිළිබඳ දේශනයක් කරමින් මුළු සභාවම වශීකොට අපරදිග ලෝකය පුරා සිය කීර්තිය පැතිරවීමට සමත් විය. එමෙන්ම මනා වැටහෙන තියුණු බුද්ධියකින් සමන්විත විය. ධර්ම ශාස්ත්‍රයෙහි මහත් විශාරදත්වයක් දැක්වීය.

මෙහි ලග්න භාවයෙහිම සිකුරු නීචවීමත් බුධ උච්චවීමත් නිසා නීච භංග රාජ යෝගය ද යෙදෙන බව පෙනේ. එපමණක් නොව, මෙහි දස වන භාවය අධිපති බුධත් නව වන භාවය අධිපති ශුක්‍රත් යට කී පරිදි ලග්න භාවයේ සංයෝග වීමෙන් ධර්ම කර්මාධිපති හෙවත් භාග්‍ය රාජාධිපති යෝගයක ද යෙදේ. ධාර්මික චක්‍රවර්තී යෝගය යනුවෙන් ද යට කී රාජ යෝගය හැඳින්වේ.

මේ කේන්ද්‍රයෙහි දැකිය හැකි තවත් ඉතා ප්‍රබල ග්‍රහ යෝගයක් ඇත. එනම් ලග්නාධිපති වන බුධ, පස් වන භාවය අධිපති ශනි, නව වන භාවය අධිපති සිකුරු සහ රවි ද යන ග්‍රහයන් ලග්න භාවයේ සංයෝග වී සිටීමයි. පුරාතන ජ්‍යොතිෂ ග්‍රන්ථවල ඉෂ්ට බල යෝගය නමින් හැඳින්වෙන අතිප්‍රබල ග්‍රයෝගය මෙය යි. මෙහි ප්‍රතිඵල වශයෙන් රජකුට සමාන තත්ත්වයක් ලැබෙතියි කියැ වේ. පරාශර ඍෂි මතය අනුව, මේ යෝගය ලද්දා රාජ්‍යයෙහි අභිෂේකය හෙවත් රජකම ලබයි. බුධ ග්‍රහයා ලග්නයේම උච්ච වීමෙන් විදුරවි යෝගය ද උදාව ඇත.

තවදුරටත් මේ ශ්‍රේෂ්ඨ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමේදී ලග්නාධිපති බුධ සමග සහ නවය යන කේන්ද්‍රස්ථාන අධිපතියන් වන ශනි හා ශුක්‍ර සංයෝගව සිටිනු පෙනේ. ලග්න ත්‍රිකෝණ අධිපතියන්ගේ යෝගය ද රාජ යෝගයකට සමාන වූවකි.

මේ සියලු ග්‍රහ යෝග, දෘෂ්ටි ආදිය මනාව විමසා බැලීමේදී ජන්ම පත්‍ර හිමියාගේ අතිශ්‍රේෂ්ඨ චරිතය මනාව විiමාන වනු දැකගත හැකිය.

මේ නම් රජකු නොවුණ ද රජකුට වඩා බල පරාක්‍රමයෙන් යුක්තව මෙරට පමණක් නොව දේශදේශාන්තරවල ස්වකීය යශෝකීර්තිය පැතිර වීය. මුළු මහත් ජාතියම අවදි කරවීමට සමත් ආජාතේය පුරුෂයෙක් විය. අතිමහත් වූ

අනුගාමික පිරිසක් ද ඇතිව සිටියෙකි. බුද්ධ ධර්මයේ පැවැත්ම වෙනුවෙන් මෙතෙක් කිසිවකු නොකළ තරම් උදාර මහත් සේවාවක් කළේ ය. ථෙරවාදී බුද්ධ ධර්මය වෙනුවෙන් මුළු දිවියම කැපකොට ඉමහත් සේවාවක් කළේ ය.

මෙපමණක් නොව මෙතුමා උපතින්ම අග්‍රගණ්‍ය ධනපතියෙක් විය. එහෙත් ඒ සියල්ල ජාතික, ආගමික කටයුතු වෙනුවෙන් කැප කළේ ය. අනුන්ගෙන් ද මහා ධනයක් ලැබීමට තරම් භාග්‍යවන්ත විය. ඒ සියල්ල ද කැප කළේ රට ජාතියේ උන්නතිය වෙනුවෙනි.

මේ කේන්ද්‍ර සටහනින්ම පෙනී යන පරිදි මෙතුමාට ලෞකික ජීවිතයක් නොවීය. ගෘහ ජීවිතයෙන් ඈත් වී අනගාරික ජීවිතයක් ගෙවී ය. ශනි – ශුක්‍ර සංයෝගයත්, චන්ද්‍රයා ශනිගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීමත් එයට හේතු වේ. සතර වැන්න අධිපති ගුරු ශනිගේ ෂඩ් කෝණ දෘෂ්ටියට ලක්වීම ද මෙයට හේතු වේ.

කොතරම් ශ්‍රේෂ්ඨ, උත්කෘෂ්ට සේවාවක් කළ ද මෙතුමාට ඇනුම් බැනුම් ආදියට මුහුණ දීමට සිදු විය. විරුද්ධවාදීන්ගේ චෝදනා එල්ල විය. චන්ද්‍රයා ශනිගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉමහත් සිත් තැවුල්වලට පත් විය. අවසානයේදී තම රට හැර ගොස් විදේශයක දී අභාවප්‍රාප්ත විය. ඒ වන විට ගෘහ ජීවිතය සම්පූර්ණයෙන් හැර දමා පැවිදිව සිටියේය.

ජගත්පාල ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment