හම්බන්තොටට එන චීන නැව නිසා උණුසුම් තත්ත්වයක්

224

ඔත්තුකාරයෙක්  – ඉන්දියාව කෝපයෙන්

හම්බන්තොට වරායට පැමිණීමට නියමිත යුවාන් වැන්ග් 5 නැව පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් උදාවී ඇත.

මෙම නැවේ පැමිණීම කල්දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලය හරහා බීජින් ආණ්ඩුව වෙත දන්වා යවා තිබේ.

දිල්ලි ආණ්ඩුව මෙම නැවේ ලංකා ගමන පිළිබඳව දැඩි විරෝධයක් දැක්වීම මෙයට හේතුවී තිබේ.

චීන නැවේ ලංකා ගමනට අවසර ලබාදී ඇත්තේ ජුලි 12 වැනිදාය. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමට පෙරය.

දිල්ලි ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ මෙම නෞකාව ඔත්තු බැලීම සඳහා සකස් කරන ලද්දක් බවය.

මෙම නැව දැනට ඉන්දුනීසියාව අසල මුහුදේ යාත්‍රා කරමින් තිබේ.

මීට පෙර ප්‍රකාශ වී තිබුණේ අගෝස්තු 11 වැනිදා මෙම නැව හම්බන්තොටට පැමිණීමට නියමිත බවයි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment