හම්බන්තොට නගරාධිපතිට එරෙහිව ලූණු සභාපතිගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

187

හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව හම්බන්තොට රාජ්‍ය ලූණු සංස්ථාවේ සභාපති නීතිඥ නිශාන්ත සඳභරණ මහතා ඊයේ (17දා) සවස පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 ලේවායෙන් කුණු කොල්ලයට ලූණු තොග ලබාගැනීමට කළ ඉල්ලීමකට කන්නොදීම නිසා නගරාධිපතිවරයා විසින් තමන්ට කරන ලද මරණ තර්ජනයක් හා ඉකුත්දා ලේවායේ වාහනයකට පහරදී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට කරන ලද පැමිණිලිවලට මේ දක්වා කිසිදු පියවරක් නොගැනීම නිසා මෙසේ පොලිස් මූලස්ථානයට එම පැමිණිලි ඉදිරිපත් කරන බව සභාපති සඳභරණ මහතා පැවසීය.

 තමන් මිය යන්නට බිය නැති නමුත්, ඉතා අපහසුවෙන් ගොඩනගා ලාභ ලබන තත්ත්වයට ගෙන ආ හම්බන්තොට ලූණු ලේවාය මාෆියාකරුවන්ට ගොදුරු කර ගැනීමට ඉඩ නොදෙන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment