හම්බන්තොට නැව් තෙල් නැතිව හූල්ලයි

254

මෙරට බලශක්ති නිලධාරීන් මෙතෙක් නිසි පියවර නොගැනීම නිසා හම්බන්තොට වරායට පැමිණෙන නැව් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලුවක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ දෛනිකව ඉන්ධන මෙටි්‍රක් ටොන් අසූදහසක් ගබඩා කළ හැකි බන්කරින් ටර්මිනල් එකක් තිබුණත් ඉන්ධන ගෙන්වීමේ බලපත්‍රය නිසි පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බවත් එම දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

හම්බන්තොට වරායට ආසන්න මුහුදේ දිනකට නැව් විශාල ප්‍රමාණයක් යාත්‍රා කළත් මෙම වරායට මෙලෙස නැව් නොපැමිණෙන්නේ මෙම ඉන්ධන ලබාදීමේදී මතුව ඇති ගැටලුව නිසා විය හැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර 30ක ඉතිහාසය තුළ ජාත්‍යන්තර වරායන් දෙකක් සතු ශ්‍රී ලංකාවට ඉතා ලාබදායී වෙළෙඳාමක් වන ‘නැව් සඳහා තෙල් සැපයීම’ අවුරුද්දකට මෙටි්‍රක් ටොන් අටලක්‍ෂය ඉක්මවා යන්න නොහැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට සමගාමීව නැගී සිටි සිංගප්පූරුව අද වන විට නැව්වලට වාර්ෂිකව ඉන්ධන මෙටි්‍රක් ටොන් මිලියන 48ක් සැපයීම තෙක් ඔවුන්ගේ වෙළෙඳපොළ පුළුල් කර ගෙන තිබෙනවා. ඩොලර් හිඟයට කදිම පිළියමක් වන, නැව්වලට තෙල් සැපයීමේ වාසිදායක වෙළෙඳපොළ

ශ්‍රී ලංකාවට අහිමි වී ඇත්තේ තෙල් මාෆියාවක් ක්‍රියාත්මක වන නිසා විය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment