හම්බන්තොට බස් නැවතුමේ වහළයට නැග පුද්ගලයෙක් විරෝධතාවයේ

83

හම්බන්තොට පොලිසියෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවන බව පවසමින් පුද්ගලයකු හම්බන්තොට බස් නැවතුම්පළේ ඉහළ මහලයේ වහළට නැග 13 වැනිදා දහවල් විරෝධතාවයක නිරත විය.

මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ විල්මට් වීදීය, කෝවිල්වත්ත, හම්බන්තොට ලිපිනයේ පදිංචි 44 හැවිරිදි වතුදුර බදනගේ අජිත් කුමාර නමැති අයයි.

විරෝධතාකරු පැයකට ආසන්න කාලයක් හම්බන්තොට බස් නැවතුම්පළේ වහළය මතට නැගී තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත වූවේය. පසුව එම ස්ථානයට පැමිණි හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී ආර්. ඒ. පී. පෙරේරා මහතා විරෝධාතාකරුට සාධාරණයක් ඉටුකර දෙන බවට ලබාදුන් පොරොන්දුවෙන් පසු විරෝධතාවය අවසන් කෙරුණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී හම්බන්තොට පොලිසියේ උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ විරෝධතාවයේ නිරත පුද්ගලයා හා ඔහුගේ මව අතර කලක පටන් ආරවුල් පවතින් බවත් මේ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කිරීමෙන් පසු දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කර බැඳුම්කරයකට යටත් කර සාමයෙන් සිටින ලෙසට අවවාද කර ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment