හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී වූ කළු සල්ලි ජාවාරම: නාමල් හවුල් බව හෙළිකරයි

927

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී ඔස්‌ට්‍රේලියානු වෛද්‍ය උපකරණ සැපයීමේ සමාගමක් වූ ඇස්පෙන් මෙඩිකල් සමාගම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු සමග දියත් කළ කළු සල්ලි ජාවාරමක තවත් තොරතුරු ඒ. බී. සී. මාධ්‍ය ජාලය විසින් හෙළි කර තිබේ.

මෙම කළු සල්ලි ජාවාරමට මෙරට ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍රයකු ද සම්බන්ධ බව අනාවරණය වී තිබේ.

ඇස්පෙන් සමාගම මුල්ම ගනුදෙනුව සිදු කර ඇත්තේ බි්‍රතාන්‍ය වර්ජින් දූපතේ ලියාපදිංචි ශ්‍රී ලාංකිකයකුට අයත් සමාගමක් සමගය. එම ගනුදෙනුව ඩොලර් මිලියන 2.1ක් වේ. තමා එම මුදල් ලබාගත්තේ දේශපාලන පුත්‍රයාට දීමට බව එම ව්‍යාපාරිකයා විසින් පාපොච්චාරණය කර ඇත.

ඔස්‌ට්‍රේලියානු ඒ. බී. සී. මාධ්‍ය ජාලය පැවසුවේ ඇස්පෙන් මෙඩිකල් සමාගමේ 2021 වසරේ ලාබය ඩොලර් මිලියන 227ක් බවයි. මෙම සමාගම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාට යුරෝ බිලියන 104ක් ද ගෙවා තිබේ.

මේ අතර වර්ජින් දූපතේ පිහිටි සබ්රේ විෂන් හෝල්ඩින්ස් සමාගම තමා සතු ආයතනයක් නොවන බව ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා පොලිසියට පවසා තිබුණත් එය ඔහුට අයත් සමාගමක් බවට දක්වන ලියවිලි පොලිසියට හමුවී ඇත. මෙම ව්‍යාපාරිකයා සතු සබ්රේ විෂන් සමාගමට එයාර් බස් සමාගම ද මුදල් ලබාදී තිබූ බව අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment