හම්බන්තොට වරායට ආ සල්ලි පිල්ලි ගියේ කොහටද?

335

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක නොපෙන්වන බව පසුගිය කෝප් කමිටුවේ දී හෙළි වූ බවත් ඒ නිසා එය වහාම මසක් ඇතුළත නිවැරදි කරන ලෙස කෝප් කමිටුව නියෝග කළ බවත් එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය, වරාය අධිකාරිය සමග සාකච්ඡාකොට නිසි පරිදි මෙය ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කර ඇත.මේ ගැන කරුණු දැක්වූ කෝප් සභාපතිවරයා මෙසේ ද කීවේය.

ඒක නිවැරදි කිරීම අනිවාර්යෙන්ම කරන්න ඕන. මේකේ ඇත්තටම ණය ගෙව්වට ඒක වාර්තා වෙන්නේ නැහැ කොහෙවත්. එසේම වරාය බදු දීලා ගත්ත සල්ලිවලින් ශතයක්වත් ණය ගෙවලත් නැහැ. ඒ අය කියන්නේ මේ ණය බොහොම අඩු පොලියට අරන් තියෙන නිසා ගෙවන්න ඕන නෑ ඉක්මනට කියලයි. හම්බන්තොට තව සමාගමක් තියෙනවා. ඒක බංකරින්වලට හදපු පොඩි කොම්පැනියක්. ඒ සමාගම ණය අරන් තියෙනවා ඩොලර් මිලියන 24ක්. ඒ ණයවලින් තෙල් අරන් තියෙනවා. ඒ තෙල් යල් පැනලා දැන් වෙනම ඩොලර් මිලියන තුනකට විකුණලා තියෙනවා. ඩොලර් මිලියන 21 ක් එතන පාඩුයි. ඒක සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්න අපි නියෝග කරලා තියෙනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment