හම්බන්තොට හුටපටය: ඉඩම් කොමසාරිස් පන්නන්න දේශපාලන තොණ්ඩුවක්

798

හම්බන්තොට ප‍්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත් ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතා ප‍්‍රබල දේශපාලන මැදිහත්වීමක් මත ධුරයෙන් ඉවත් කිරීමට දැන් කටයුතු සිදුවෙමින් තිබෙන බව ඉඩම් අමාත්‍යාංශ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

දෙපාර්ශ්වයක් අතර පැවැති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් කීර්ති ගමගේ මහතා මැදිහත්ව සාධාරණ තීන්දුවක් ගැනීම නිසා ඒ මහතා දේශපාලන උදහසට ලක්ව ඉවත් කිරීමට උත්සහ දරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඉඩම් කොමසාරිස්වරයා ඉවත් කිරීම සඳහා අවශ්‍ය ලිපියක් මේ වනවිටත් සකස්කර ඇති බවත් එළඹෙන කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට හම්බන්තොට ප‍්‍රබල දේශපාලඥයා කටයුතු කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ තමාගත් තීන්දු නිවැරදි බවත්, කොමසාරිස් තනතුරෙන් ඉවත් කරනු ලැබුවහොත් ඒ අනූව කටයුතු කරන බවත්ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment