හමාර බණවරට පසුව එන බ්ලූස් වන්නම්

180

හමාර බණවර ගීතයෙන් රසික හදවත් තුළ වෙනස්ම රසයක් ඇති කළ රවී රොයිස්ටර් අලූත්ම වැඩකට අතගහල. ලබන මාසයේ එළිදක්වන්න නියමිත මේ නිර්මාණය ගැන වගේම තවත් බොහෝ දේවල් ගැන රවී මේ විදිහට අපිට කිව්වා.

 හමාර බණවර ගීතයෙන් පස්ස වැඩි සද්දබද්දයක් නැහැ?

 මම දැනට මාස දෙකකට කලින් ගීත හතරක ඇල්බමයක් එළිදැක්වුවා. ඒ වගේම තවත් අලූත් ගීතයක් කළා. ඒක රූපරචනාවත් එක්කම ලබන පෙබරවාරි මාසයේ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වැඩකටයුතු නිසා සහ ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කටයුතු නිසා පසුගිය කාලයේ ටිකක් කාර්යබහුල වුණා.

 අලූත් ගීතය ගැන කියමු?

 ඔව්. ඒක නම් කළේ බ්ලූස් වන්නම් කියල. ගීතයේ පදරචනය කුසල විදානපතිරණගෙ. තනුව මගේමයි. රූපරචනය අධ්‍යක්‍ෂණය කරන්නෙ සාලින්ද රත්නායක. දක්‍ෂ වාදක මඩුල්ලක් සංගීතය සැපයීමෙන් දායක වුණා.

 බ්ලූස් වන්නම් හමාර බණවර ගීතයෙන් වෙනස් වෙන්නෙ කොහොමද?

 අලූත් ගීතයෙන් කියවෙන්නෙ මම දැකපු කතාවක්. පද රචකයාට ඒ කතාව කියල තමයි ඔහු ලවා ගීතය ලියා ගත්තෙ. මේක දේශීය සංගීතය සහ බටහිර සංගීතය එකට මිශ‍්‍ර වුණ ගීතයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

හමාර බණවරට පසුව එන බ්ලූස් වන්නම්



 ඔබේ ගීත ඇල්බමයට ලැබුණ ප‍්‍රතිචාර කොහොමද?

 ඇත්තටම හොඳ ප‍්‍රතිචාර ලැබෙනව. ඒ ගීත හතරෙන් දෙකකට ඉදිරියේදී රූපරචනා කරන්නත් අදහසක් තියෙනව.

 ප‍්‍රසංගවලට ආරාධනා ලැබෙනවද?

 ඔව්. මේ වන විට ප‍්‍රසංගවලට ආරාධනා ලැබෙනව.

 ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය ගැන කතා කළොත්?

 මම මේ වන විට සියත නාළිකාවේ විකාශනය වන ‘රේස්.” විකාශනය වීමට නියමිත සාලින්ද රත්නායක මහත්මයාගේ

 ‘හාඞ් කාඞ්. සහ ඩිල්ෂාන් අමරසිංහ මහත්මයාගේ

 ටෙලිනාට්‍යයක් ඇතුළු ටෙලි නාට්‍ය තුනක සංගීත අධ්‍යක්‍ෂණය කරල තියෙනවා.

 මොකක්ද ඔබේ සංගීත ශෛලිය?

 මගේ සංගීත ශෛලිය ලංකාවේ ඒ තරම් ප‍්‍රසිද්ධ නැති වුණාට ලෝක සංගීතය ගත්තාම පර්යේෂණාත්මක සංගීතය කියන දේ විශ්වවිද්‍යාලවල විෂයයක් විදිහට උගන්වනවා. මමත් විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ විෂයයක් විදිහට මේ ශෛලිය ඉගෙන ගත්තා. නමුත් මට වුවමනා වුණේ මටම ආවේණික ශබ්දයක් හදාගන්න. ඉතින් මම හිතනව යම්තාක් දුරකට හෝ මම සාර්ථකයි කියල.

 ඔබේ ඉලක්කය ජාත්‍යන්තරයද?

 ඔව්. අනිවාර්යයෙන්ම.

 ශ‍්‍රී ලංකාව තුළ ඔබේ ඉලක්කයට ඉඩක් තියෙනවද?

 මුලින්ම තමන් කරන දේ ගැන තමන්ට තමන්වම විශ්වාසවන්ත වෙන්න ඕනා. එතකොටයි ඉලක්කයට යන්න පුළුවන් වෙන්නෙ. මට ඒ විශ්වාසය තියෙනව.

 ලැබෙන ජනප‍්‍රියත්වය ගැන මොකද හිතෙන්නෙ?

 ඇත්තටම ලොක-ු සතුටක් තියෙනව. මොකද මට මෙතැනට එන්න ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වුණා.

 ඔබ බාහිර ස්වරූපය වෙනස් කළේ ආකර්ශණය වෙනුවෙන්ද?

 මට වුවමනා වුණේ මටම ආවේණික දෙයක් හදාගන්න. ඒ හේතුව නිසා තමයි මගේ බාහිර ස්වරූපය වගේම සංගීත ශෛලියත් වෙනස් කළේ.

 සහෝදර ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය?

 මේ වන විට ක්‍ෂේත‍්‍රයට විශාල ශිල්පීන් පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඒ අතරින් මට වඩා දක්‍ෂයන් බොහෝ දෙනෙක් ඉන්නවා. මේ හැමදෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනව.

 පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද?

 පිළිවෙළක් වෙන්න ගියොත් වැඩ ටික කරගන්න වෙන්නෙ නැහැ. ඒ නිසා තනිකඩ ජීවිතේ හොඳයි.

 රවී රොයිස්ටර් යූ ටියුබ් චැනල් එක ගැන කතා කළොත්?

 මගේ චැනල් එකේ දැනට සබ්ස්ක‍්‍රයිබස්ලා අසූඑක්දහසක් ඉන්නවා. තවත් මාස එකහමාරකින් පමණ ලක්‍ෂයේ සීමාව පසුකරන්න පුළුවන් වේවි. බොහෝ දෙනෙක් අහනව ඇයි වීඩියෝ දාන්නෙ නැත්තෙ කියල. නමුත් මට එහෙම හදිසියට වැඩ කරල පුරුදු නැහැ. ඒ නිසා මම හිමින් ගමනක් යන්නෙ.

 රවී සංගීතය නොකළා නම්?

 මම සංගීතය නොකළා නම් සූපවේදියෙක් වේවි.

 හමාර බණවරට ලැබුණෙ මොනවගේ

 ප‍්‍රතිචාරයක්ද?

 ඇත්තටම ඒ ගීතයට අදටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනව. හැඟීම් බර ගීතයක් නිසා බොහෝ දෙනෙක් කියන්නෙ ඒ ගීතය අහන්න අමාරුයි කියල. නමුත් මම කැමතියි මගේ ගීතය අහල කෙනෙක් හැඟීම්බර වෙනව නම්. තාත්තා ගැන ආදරයක් ඇතිවෙනව නම්. ඒ කියන්නෙ ඒ නිර්මාණය තුළ මම සාර්ථකයි.

 ඔබ වඩාත් කැමති ගායනයටද වාදනයටද?

 විශේෂත්වයක් නැහැ. මම ඒ දෙකටම කැමතියි. මගේ ප‍්‍රධාන වාදන භාණ්ඩය වෙන්නෙ ඩ‍්‍රම් එක. ඊට අමතරව කී බෝඞ් සහ ගිටාර් වාදනයටත් හැකියාව තියෙනවා.

 සංගීත කණ්ඩායමක් පටන් ගන්න අදහසක් නැද්ද?

 කලින් නම් සංගීත කණ්ඩායම් කිහිපයකම වාදකයෙක-් හැටියට කටයුතු කළා. මගේම සංගීත කණ්ඩායමක්

 පටන්ගන්න නම් අදහසක් නැහැ.

 නැවත ප‍්‍රසංග වේදිකාවට ලැබුණු

 අවස්ථාව ගැන අදහස?

 අපි කලාකරුවො විදිහට ලොකු කඩාවැටීමකට ලක්වෙලා හිටියෙ. නැවත ආරම්භ කිරීම ගැන ලොකු සතුටක් තියෙනව.

 ක්‍ෂේත‍්‍රය තුළ තර`ගයට රවී මුහුණ දෙන්නෙ කොහොම?

 ඕනෑම ක්‍ෂේත‍්‍රයත් තුළ තරඟය කියන දේ තියෙනව. ඒ තරඟය වැඩිවෙන්න වැඩිවෙන්න තමයි ක්‍ෂේත‍්‍රයේ පැවැත්ම තියෙන්නෙ.

 බොහෝ රියැලිටි තරු ගායනා කරන්නෙ අනුන්ගේ ගීත. ඔබට ඔබේ ගීත හරහා ගමනක් යන්න පුළුවන් බව විශ්වාසද?

 ඕනෑම කෙනෙක් මුලදි අනුන්ගේ

 ගීත ගායනා කරනව. මමත් ඒ දේ කළා. රියැලිටි වේදිකාවෙන් පස්සෙ බොහෝ දෙනෙක් තමන්ගෙ ගමන නවත්තනව. නමුත් මට මගේම ගීිත කිහිපයක් තියෙනවා ගායනා කරන්න. මගේ ගීත මම ම නිර්මාණය කරගන්නවා. ඒ නිසා කොහොමටවත් මගේ ගමන නවත්තන්න අදහසක් නැහැ.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment