හමුදාවේ 28 දෙනකුට එරෙහි වාර්තාව මාර්තුවේ ජිනීවා සමුළුවට

344

මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන් 26 දෙනෙකුට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමට පිහිටුවූ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයේ වාර්තාව මාර්තු 03 වැනිදා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ඇත.

මෙහි අඩංගු කරුණු වලංගු සාක්ෂි ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය පිළිගෙන තිබේ. ඒ අනුව ඇගේ වාර්තාව මත ජාත්‍යන්තර අධිකරණවලට අනුව නඩු පැවරේ.

මානව හිමිකම් කොමසාරිස්වරිය නිකුත් කර ඇති 120,000 ක සාක්ෂිවලට රජය අභියෝග කර නැත.

එම සාක්ෂිකරුවන් කවුදැයි හෙළි කිරීමට මානව හිමිකම් කොමසාරිස් බැෂලේ කටයුතු කර නැතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.

එනිසා මානව හිමිකම් කොමසාරිස්වරියට අමතරව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීන් යුද අපරාධ සිදු කළ බවට දක්වමින් සාක්ෂි එකතු කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment