හමුදාවේ විශ‍්‍රාමික නිලධාරියෙක් 20 හැවිරිදි මෙහෙකාරියට හදි කරලා

527

පානදුර නිවසක දී උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ‍්‍රාමික නිලධාරියකු තමන් දූෂණයට ලක් කළ බව කියමින් 20 හැවිරිදි තරුණියක පෙරේදා (13 දා) පානදුර දකුණ පොලිසියට පැමිණිල්ලක්කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් අගෝස්තු මාසයේ දී තන්තිරිමලේ සිට හමුදා නිලධාරියාගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ සිටියදී නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථා කීපයක දී තමන්ට ලිංගික අතවර කළ බව ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

තමන්ගේ පියා නොමැති බවත් සහෝදරයන් සහ මව ජීවත් කරවීම සඳහා මෙහෙකාර සේවය සඳහා පැමිණ බවත් ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

එම සිද්ධියෙන් පසු ඔක්තෝබර් මාසයේ දී එම නිවසේ දී තමන්ට කලාන්ත ගතියක් ඇති වී රෝගී වීමෙන් පසු හමුදා නිලධාරියා ඇතුළු නිවැසියන් තමන් පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බවත් අනතුරුව තම මව පානදුරට ගෙන්වා තමන් තන්තිරිමලේ නිවස කරා පිටත්කර හැරිය බවත් එම තරුණිය ප‍්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

නිවසට ගිය පසු තමන්ට තද හිසේ කැක්කුමක් පැවැතිය බැවින් ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ප‍්‍රදේශයේ රජයේ රෝහලකට ගිය අවස්ථාවේ දී තමන් පරීක්ෂාකර බැලූ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් හමුවේ තමන්ට හමුදා නිලධාරියා අතින් සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් වෛද්‍යවරයාට නොසඟවා පැවසූ බව ඇය කරන ලද ප‍්‍රකාශය තවදුරටත් සඳහන් වෙයි.

එම තරුණිය කරන ලද එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා විසින් ද මේ වනවිට පානදුර දකුණ පොලිසිය දැනුම්වත්කර ඇතැයි දැනගන්නට ඇත.

ඒ අනුව පානදුර දකුණ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අදාළ තරුණිය පොලිසියට කැඳවා සිදු කළ විමසීමේ දී ඇයට හමුදා නිලධාරියාගෙන් සිදු වූ ලිංගික අතවරය පිළිබඳ වැඩිදුරටත් ප‍්‍රකාශ ලබාදෙමින් පැමිණිල්ලක් සිදුකර ඇත.

තරුණියගේ පැමිණිල්ල අනුව වහා ක‍්‍රියාත්මක වූ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් ද පෙරේදා (13 දා) හමුදා නිලධාරියාගේ නිවසට ගොස් මෙහෙකාර තරුණිය අතවරයට පත්වූ බව කියන කාමරය ද දැඩි පරීක්ෂාවට ලක්කර සටහන් දමා ඇතැයි ද, විමර්ශන නිලධාරීන්ගේ ද මූලික නිගමනය වී ඇත්තේ මෙහෙකාර තරුණිය නිලධාරියාගේ නිවසේදී දූෂණයට ලක්ව ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තරුණියට අතවරය සිදුවී ඇත්තේ හමුදා නිලධාරියාගේ නිවසින් තන්ත‍්‍රිමලේ නිවස කරා ගිය පසුව යැයි හඟවමින් අදාළ අතවර සිද්ධිය යටපත් කිරීම සඳහා හමුදා නිලධාරියාට පක්ෂපාතීත්වය දක්වන පිරිස් පරීක්ෂණ පවත්වන විවිධ පාර්ශ්වයන්ට බලපෑම් එල්ල කරමින් එම සිද්ධිය යටපත් කිරීමට මේ වනවිට දැඩි උත්සාහයක යෙදෙන බව පොලිස් ආරංචි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment