හමුදාවේ 400 ක් හිර කරන්න ලේඛනාගාරයක් හදලා

281

එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් විසින් ශ්‍රී ලංකාවේ මේජර් ජනරාල්වරුන් 12 දෙනකු ඇතුළු හමුදා නිලධාරීන් 400 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කරන ලේඛනාගාරයක් ආරම්භ කර ඇත.

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ මෙය ස්ථාපිත කර තිබේ. මෙය ශ්‍රී ලංකා රජයට වසන් වී තිබේ. ලොව කිසිදු රටක හමුදා නිලධාරීන් විශාල පිරිසකට මෙවන් යුද අපරාධ චෝදනා එල්ල වී නැත.

ජාත්‍යන්තර නීතිවේදීන් සහ අභිචෝදකයන් විසින් මෙම චෝදනා සනාථ කිරීමට සාක්‍ෂි ද විමසා ඒකපාක්ෂිකව සනාථ කර ඇත.

නන්ද මල්ලවාරච්චි, කේ. ජේ. අල්විස්, චන්දන වික්‍රමරත්න, ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, දයා රත්නායක, ජගත් ඩයස්, ජගත් ජයසූරිය, සත්‍යප්‍රිය ලියනගේ, සුමේධ පෙරේරා, දර්ශන හෙට්ටිආරච්චි, ප්‍රියංකර ප්‍රනාන්දු, විජිත රවිප්‍රිය යන මේජර් ජනරාල්වරුන්ට එරෙහිව මෙම ලේඛනාගාරයේ නඩු වාර්තා ගොනු වී ඇත.

පසුගිය වසර 13 තුළ මේ සඳහා ක්‍රියාකර ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උපදේශිකාවක් ලෙස ද ක්‍රියාකරන යස්මින් සුකායි.

මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල වූවන්ගෙන් එක් මේජර් ජනරාල්වරයකුට පිටු 100 ක චෝදනා එල්ල වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment