හමුදාවේ 9කට උසස්වීම්

312

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 9 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ.
23 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ෂෙවන් කුලතුංග, ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් මිහිදු පෙරේරා, 58 වැනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල ඉහළගේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානාච්චි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් මංජුල කාරියවසම්, අධ්‍යක්ෂ, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂ, විශේෂ බලකායේ බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, විශේෂ බලකායේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම, ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ විශේෂ බළකායේ බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ සහ ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් වජිර වෙලගෙදර මේජර් ජෙනරාල් නිලයට උසස් කරන ලදී.

ctb

advertistmentadvertistment
advertistmentadvertistment