හමුදාව පරණ වාහන අලුත් කරයි

665


පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති යුද හමුදාවට අයත් වාහන 4 වැනි ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීම සදහා එම යුද්ධ හමුදා කදවුරු වෙත ලබාදීම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී සිදුකරන ලදි.
යුද්ධ හමුදාව වෙත අලුතින් රථවාහන මිළදි ගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය.
ඉතා කෙටිකාලයක් තුළ අඩු පිරිවැයක් දරා අලුත්වැඩියා කළ බස්රථ -10 ක් ට්‍රක් රථ – 05 ක් යුනිකෝන් රථ – 03 ක් ධාවන පැදි – 05 ක් ට්‍රැක්ටර් රථ – 01 ක් සහ කැබ්රථ – 01 ක් අලුත්වැඩියා කර පරික්‍ෂණ ධාවනයේ යොදවා ඉතා උසස් මට්ටමකින් යුද්ධ හමුදා කදවුරු වෙත මෙහිදී ලබාදෙන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment