හමුදාව යටතේ තිබූ උතුරේ අක්කර 3000 ක් යළි මුල් පදිංචිකරුවන්ට

236

උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පැවැති ඉඩම් අක්කර 3000 ක් පමණ නැවත එම ඉඩම්වල මුල් හිමිකරුවන්ට ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව යාපනය වලිකාමම් උතුරු ප‍්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් මෙසේ නැවත ලබාදීමට කටයුතු කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය. යුද සමයේ ආරක්ෂක අංශ යටතට පත්වූ මෙම ඉඩම් නැවත අයිතිකරුවන් සොයා ඔවුන් වෙත ලබාදීම සඳහා තමා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී ක‍්‍රම ක‍්‍රමයෙන් එම ඉඩම් ජනතාවට නිදහස් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment