හමුදාව සිවිල් කටයුතුවලට අනවශ්‍ය මැදිහත්මක් කර නැහැ

119

හමුදාවන් මේ මොහොතේ අනවශ්‍ය මැදිහත්මක් සිදු නොකරන බවට අප කාටත් පැහැදිලි සාක්‍ෂිකරුවන් විය හැකි යැයි කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඇතැම් සිවිල් කටයුතුවලට හදිසි නීතිය යටතේ හමුදාවන් යෙදවීම පිළිබඳව තම අවධානය යොමු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලට් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට හමුදාව සිවිල් කටයුතුවලට අනවශ්‍ය මැදිහත්වීමක් සිදු කර නැති බවද කී ඇමැතිවරයා හදිසි නීතියේ වගන්ති දෙකක් පමණක් වෙනස් කර හමුදාව යොදාගෙන ඇත්තේ ආහාර බෙදා හැරීම වැනි කටයුතුවලට බවද පෙන්වා දුන්නේය.

එන්නත්කරණ කි‍්‍රයාවලියේදීත් හමුදාව ධනාත්මකද? නැද්ද? යනුවෙන් ජනතාවගෙන් ප‍්‍රශ්න කළ ඇමැතිවරයා ආහාර බෙදාහැරීමේ කටයුතුවලදීත් එය එසේම වන අතර ශී‍්‍ර ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් බවද පැවසීය.

 කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14 වැනිදා* පැවති මාධ්‍ය හමුවේදී ඩලස් අහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment