හමුදා නිලධාරීන් 58කට දඬුවම් කිරීමේ  ජිනීවා ඡන්දය අද

796

● සාක්කිකරුවන් හෙළිකරන්නේ වසර 20කට පසුයි

 ● යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට කරුණු දැක්වීම තහනම්

 වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 58කට යුද අපරාධ චෝදනා ගැන දඬුවම් කිරීමේ ජාත්‍යන්තර බලය පනවන ඡන්ද විමසීම ඔක්තෝබර් 6 දා (අද) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පැවැත්වේ. 46/1 නමැති ජිනීවා යෝජනාව නමින් නව යෝජනාවක් මගින් මෙම බලය පනවන එම යෝජනාව ඉදිරිපත් කරන රටවල් මෙසේය.

 ඇල්බේනියාව, ඔස්ටේ්‍රලියාව, බෙල්ජියම, චෙක් රාජ්‍යය, ඩෙන්මාර්කය, පින්ලන්තය, අයර්ලන්තය, ලැටිව්යාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාර්ෂල් දූපත්, ස්ලෝවකියාව, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, තුර්කිය, බි්‍රතාන්‍යය, ඇමරිකාව, නවසීලන්තය, ජර්මනිය, ලෙයිෂන්ටයින්

 එහෙත් ශ්‍රී ලංකා රජයයුද අපරාධ සම්බන්ධව විරෝධය දක්වා නැත. රටේ ජනතාව මේ යෝජනාව පිළිබඳව දැනගතයුතු ඇත්ත අපි හෙළිකරන්නෙමු. එනම් වසර 20ක් යනතුරු යුද අපරාධ චෝදනා එල්ල කරන සාක්‍ෂිකරුවන් හෙළිනොකිරීම සහ චූදිතයන්ට එම චෝදනා ගැන විමර්ශනය කිරීමට ඉඩ නොලැබීම. මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව මෙම යුද අපරාධ චෝදනා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළේ ඒකපාක්‍ෂිකවය. එම චෝදනාවලට සම්බන්ධ සාක්කි 120000 කි. සාක්කිකරුවන් 800 කි. ඉන් වැඩිදෙනා කොටි ක්‍රියාකාරීන්ය. මෙම ඒකපක්‍ෂික යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළේ ඇමරිකාව බි්‍රතාන්‍යය, කොටි ඩයස්පෝරාව, හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන්, යස්මින් සුකා, බී බී සී වාර්තාකාරී ප්‍රාන්සස් හැරිසන් ඇතුළු පිරිසකි. ජිනීවා යෝජනා 6 කින් ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වෙද්දී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ සහ වත්මන් රජය ඊට එරෙහිව අභියෝග කළේ නැත. අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී නව යෝජනාව සම්මත වනු ඇත. ඉන්දියාව සහ ජපානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින බව වාර්තා වේ.

 මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල් රැසක් යුද අපරාධකරුවන් වේ. එම රටවල් නම් බි්‍රතාන්‍යය, ඇමරිකාව, ජර්මනිය, කැනඩාව, මැසිඩෝනියාව, මොන්ටිනිග්රෝ සහ මලාවිය.

 මේ පසුබිම මැද අද සම්මත වන ජාත්‍යන්තර නීතිය මත අපේ හමුදා නිලධාරීන් මුහුණපාන අවිනිශ්චිත තත්ත්වය කුමක්ද?

 ඒ කිසිදු හමුදා නිලධාරියකුට බටහිර රටවල්වලට යෑමට නොහැකිවීමයි. එසේම ජාත්‍යන්තර සම්බාධක පැනවෙයි. වත්කම්ද තහනම් වේ. රජය ජිනීවා යෝජනාවට සංශෝධන ඉදිරිපත් කළත් එම සංශෝධන පිළිගත්තේ නැත. මෙම යෝජනාව සම්මත වීමත් සමගම ජාත්‍යන්තර අධිකරණය ඔවුන්ව භාරදෙන ලෙස ඉල්ලීමට පුළුවන.

 මෙරට බන්ධනාගාරවලදී දඬුවම් කරන ලෙස ඉල්ලීමටද ක්‍රියාකෙරෙනු ඇත. එහෙත් යුද අපරාධ කළ කිසිදු කොටි ක්‍රියාකාරියකුට එරෙහිව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කර නැත. මින් තහවුරු වන්නේ සාක්කිකරු සහ විනිසුරු ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකරන බවයි.

 එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දේශපාලන මණ්ඩලයක් බවට පත්වී ඇතැයි විනය චෝදනා කළේය.

 මෙහි ඇත්තනම් ශ්‍රී ලංකාවේ හමුදාව කළ එකම වැරැද්ද කොටි පරාජය කිරීමයි. ඊට අමතරව කොටි සමග සාකච්ඡා කිරීම රජය ප්‍රතික්‍ෂේප කළේය.

 එය ඇමරිකාවේ ඉල්ලීමට පයින් ගැසීමකි. මේ නිසා ඇමරිකාව කෝපයට පත්විය.

 මේ අතර හමුදා නිලධාරීන් 58ක පිරිස ජාත්‍යන්තර නීතියට මුහුණ පෑවේ මන්ද?

 ඒ පසුගිය ආණ්ඩු යුද අපරාධ චෝදනාවලට අභියෝග නොකිරීමයි. යුරෝ 5000ක මුදලක් වැයකර රාජනීතිඥ ජෙෆ්රි නයිස් ලවා යුද අපරාධවලට එරෙහිව කෙටුම්පත් කළ වාර්තාව පවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට හිටපු ආණ්ඩුව ක්‍රියාකලේ නැත.

 ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධානියකවූ යසස් ධර්මදාස මාස ගණනක් තිස්සේ මහන්සි වී 2018 පෙබරවාරි මස වන්නි මෙහෙයුමින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව පිළිබඳව කොටි වෙබ් අඩවිය වූ ටැමිල් නෙට් සංඛ්‍යාලේඛන ඔස්සේ වාර්තාවක් සකස් කළේය. 2009 අප්‍රේල් මස වනවිට ටැමිල් නෙට් වාර්තාවේ සඳහන් වූයේ මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 3889 ක් බවයි.

 එහෙත් බි්‍රතාන්‍යය හිටපු විදේශ ලේකම් ඩේවිඩ් මිලිබැන්ඩ් එය 9000 දක්වා වැඩි කළේය. මේ සංඛ්‍යාව බී බී සී සේවාවේ වාර්තාකාරි ප්‍රැන්සස් හැරිසන් 146000ක් දක්වා ඉහළ දැමීය. එහෙත් රාජපක්‍ෂ සොහොයුරන් ඊට අභියෝග කළේ නැත. පසුව ඇමරිකාවේ සිටින ඊළම්නායකයකුවූ රුද්‍රකුමාරන් මියගිය සංඛ්‍යාව තුන් ලක්‍ෂයක් බව පැවැසීය.

 මේ පසුබිම මත රාජපක්‍ෂ සොහොයුරන් මියගිය පිරිස කවුදැයි හෙළිකරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට අභියෝග කළේ නැත.

 එම මියගිය පිරිස පදිංචිව සිටී. ස්ථාන හෙළිකරන ලෙස ද ඉල්ලුවේ නැත. එසේම කොටි යුද අපරාධ රැසක් සිදුකර තිබියදී වීඩියෝ පට පවා නිර්මාණය කිරීමට හමුදා බලධාරීහු ක්‍රියාකළේ නැත.

 එහෙත් කොටි චැනල් ෆෝ නිෂ්පාදකවරයකුට අරමුදල් දී කිලිංෆීල්ඩ්, නෝපයර් සෝන් වැනි වීඩියෝ පට නිර්මාණය කර ලොව පුරා බෙදාහරිද්දී රාජපක්‍ෂ ආණ්ඩු මුනිවත  රැක්කේය.

 ඔවුන්ගේ පාලන සමයේදී විදේශ කටයුතු බලධාරීන් හමුදාව බේරාගැනීමට ඉදිරිපත් වූයේ නැත. මෙයට අමතරව යුද අපරාධවලට එරෙහි පිටු 544 විස්තීරණ වාර්තාවද මානව හිමිකම් කොමසාරිස් වෙත ඉදිරිපත් වූයේ නැත.

 එසේම බි්‍රතාන්‍යයේ නේස්බි සාමි සොයාගත් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් වාර්තාව ඉරිදා දිවයින ආරක්‍ෂක විශේෂාංගයෙන් මුල්වරට අනාවරණය කළත් එයද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට කිසිදු රජයක් පියවර ගත්තේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, චැගි ගාල්ලගේ, උදය පෙරේරා වැනි හමුදා ප්‍රධානීන්ට ඍජු යුද අපරාධ චෝදනා එල්ල වීමය. මේ තත්ත්වය මත මානව හිමිකම් කවුන්සිලය වන්නි සේනාංක 14 ක් තහනමට ලක්කළේය.

 ලෝක ඉතිහාසයේ මින් පෙර මෙවැන්නක් සිදුවී නැත. ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ සිදුවූ යුද අපරාධ ගැන අදවනතුරු ඇමරිකා, කැනඩා, බි්‍රතාන්‍ය, ඔස්ටේ්‍රලියානු හමුදා තහනමට ලක්වී නැත. මේ අතර ශ්‍රී ලංකාවේ රජය හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති චෝදනා වලට අභියෝග නොකිරීමද දැඩි සැකයට භාජනය වේ. මේ පිළිබඳ යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙතෙක් විරෝධතා දක්වා නැත. ඔවුන් ජිනීවාහිදී විරෝධතා දක්වා ඇත්තේ ත්‍රස්ත මර්දන පණත අහෝසි කරන ලෙස ඉල්ලමිනි.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment