හමුදා ප‍්‍රධානීන් 28 කට ජාත්‍යන්තර සම්බාධක පනවන්නැයි බි‍්‍රතාන්‍යයට ඉල්ලීමක්

226

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු හමුදා නිලධාරීන් 28කට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පනවන ලෙස ඉල්ලමින් තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා සහ ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේශ් පේ‍්‍රමචන්ද්‍රන් බි‍්‍රතාන්‍යය රජය වෙත රහසිගත ලිපියක් යවා ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල විදේශ ලේකම් තරිෂ් අහ්මද් වෙත යවා ඇති මෙම ලිපියේ දන්වා ඇත්තේ රජය සුදු වෑන් ක‍්‍රමය යළි ආරම්භ කර ඇති බවයි. එසේම හිටපු කොටි ක‍්‍රියාකාරීන්ට රජය හිරිහැර කරන බවද එම ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.

මෙරට හමුදා නිලධාරින්ට සම්බාධක පනවන ලෙස ද්‍රවිඩ මන්ත‍්‍රීවරු බි‍්‍රතාන්‍ය රජයෙන් කළ මුල්ම ඉල්ලීම මෙයයි. එම ලිපියට ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බනධන් අත්සන් කර නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment