හමුදා රහස් එළියට අදින මානව හිමිකම් තුරුම්පුවක්…

494

හමුදාවට එරෙහි 120000 සාක්කිවලට ශ‍්‍රී ලංකාවේ විරෝධය

කොටිඩයස්පෝරාව ජනමත විචාරණයක් ඉල්ලා සංදේශයක් මානව හිමිකම් කවුන්සලයට භාරදෙයි.

රාජ්‍ය නොවන සංවිධාන වාර්තා ජිනිවාහිදී පිළිගනියි

යුද්ධය ජයගත් හමුදා ප‍්‍රධානීන් අසරණ වෙයි

ශී‍්‍ර ලංකාව සහ ඊශ‍්‍රායලයට එරෙහිව සාවද්‍ය චෝදනාවක්

මානව හිමිකම් කොමසාරිස්වරිය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද මැදිහත් වෙයි

හිටපු ඉන්දීය අගමැති ඝාතනය කළේ ඊශ‍්‍රායලයේ මොසාඞ් බුද්ධි සේවාව බව කොටි නායක ප‍්‍රභාකරන් වරක් ප‍්‍රකාශ කර තිබුණි. කොටි පුහුණු කරන ලද්දේ ද මොසාඞ් බවට ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය චෝදනා කර තිබුණි. එම චෝදනාව නිසා එවකට පැවැති ආර්. පේ‍්‍රමදාස රජය මොසාඞ් කොමිසමක් ස්ථාපිත කෙරිණි. මේ කොමිසම හමුවේ සාක්කි දුන් එදා බුද්ධි අංශයේ ප‍්‍රධානියාව සිටි ෆර්නි විජේසූරිය ඇතුළු හමුදා ප‍්‍රධානීහු මොසාඞ් චෝදනාව අමූලික බොරුවක් බව තහවුරු කළහ. 2019 අපේ‍්‍රල් 21 දා පාස්කු ප‍්‍රහාරය සිදුවී වසර දෙකක් සමීප වීමට ආසන්න වන අවස්ථාවේ මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් තවත් මොසාඞ් චෝදනාවක් ප‍්‍රකාශයට පත් කළේය.

2018 ඔක්තෝබර් 18 දා සහරාන් තම මුහුණුපොතේ ප‍්‍රකාශයක් කරමින් පක්කර බින් අබු නමින් මුහුණුපොතේ ගිණුමක් පවත්වාගෙන යන බවත් එම පුද්ගලයා ඉන්දීය චරපුරුෂ සේවාවේ ඔත්තුකරුවකු බවත් ප‍්‍රකාශ කර තිබුණි.

පක්කර බින් අබු 2018 ඔක්තෝබර් 11 දා ඊට ප‍්‍රතිචාරයක් ලෙස සහරාන් ඊශ‍්‍රායල් බුද්ධි සේවාවේ ඒජන්තවරයකු බවත් අයිසිස් න්‍යාය තරුණයන් අතර ප‍්‍රචාරය කිරීමට කි‍්‍රයා කරන බවත් පැවසුවා යැයි රවුෆ් හකිම් කියා සිටියේය.

පාස්කු ප‍්‍රහාරය සිදුවී 2022 අපේ‍්‍රල් 21 දාට වසර 3 ක් සපිරේ. එහෙත් පක්කර බින් අබු හෝ ඊශ‍්‍රායල් මොසාඞ් බුද්ධි සේවාව ගැන මේ දක්වාම කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.

සහරාන් ඊශ‍්‍රායල් ඒජන්තවරයකු බවට හංවඩු ගැසූ රවුෆ් හකිම් තවදුරටත් පාස්කු ප‍්‍රහාරය ඊශ‍්‍රායලයේ මෙහෙයුමක් බවට සාක්ෂි ඉදිරිපත් කර නොමැත. මේ පසුබිම මැද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වූ එම්. එම්. සුහයිර් නමැත්තා ඊශ‍්‍රායලය ශී‍්‍ර ලංකාවට සහාය දීමට ඉදිරිපත් වීම ශී‍්‍ර ලාංකික මුස්ලිම්වරුන් රැඩිකල් කිරීමේ ඊශ‍්‍රායල් ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා ඇත.

මෙය පාස්කු ප‍්‍රහාරය කණපිට හැරවීමේ මෙහෙයුමක් නොවේ ද? 2004 ජුනි 4 දා ‘අතිශයින්ම රහසිගතයි’ යන ශිර්ෂය යටතේ ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් සටන්කාමීත්වය මැයෙන් හිටපු ඇමරිකානු ඔත්තු සේවා නිලධාරියකු වූ එම්. අයි. කාදර් එවකට කොළඹ සිටි ඇමරිකානු තානාපති ජෙෆ්රි ලන්ස්ටඞ් වෙත සැපයූ රහස් වාර්තාවෙන් මුස්ලිම් කණ්ඩායම් 4 ක් කොළඹ කි‍්‍රයාත්මක වන බවට අනතුරු අඟවනු ලැබීය. ඇමරිකානු තානාපතිවරයා විගස එම රහස් වාර්තාව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවීමට කි‍්‍රයා කළේය. මේ මුස්ලිම් සටන්කාමී සංවිධාන ලෙස ශී‍්‍ර ලංකා ජමාත් ඉස්ලාම්, තවුහිද් ජමාත්, තහබ්ලික් ජමාත් සහ ජමාත් මුස්ලිම් ලෙස නම්කර තිබිණි.

එසේම නැඟෙනහිර මුස්ලිම් කණ්ඩායම් හමුවූ පාකිස්තානයේ සිට මෙරටට පැමිණි සංවිධායකයන් ඔසාමා, ජිහාද්සහ සදාම් නමින් හඳුන්වනු ලැබූ කඳවුරුවලට ගොස් තරුණයන්ට අවි ආයුධ පුහුණුව ලබාදීමට කි‍්‍රයා කළහ. මෙයට අමතරව තවත් ශී‍්‍ර ලාංකික මුස්ලිම්වරු විදේශගත වීමට ද ජිහාද් කි‍්‍රයාකාරීන් සමග එක්ව සටන් වැදීමට ද පිටව ගොස් තිබේ.

එහෙත් එවකට මෙරට බහුතරයේ කිසිදු දේශපාලන පක්ෂයක් මුස්ලිම් සටන්කාමී කණ්ඩායම් ගැන විමර්ශනයේ යෙදී නොසිටියේ ඔවුන්ගේ ඡන්ද සඳහායි.

2004 වසර තුළ මෙම අනතුරු ඇඟවීම 2019 පාස්කු ප‍්‍රහාරයෙන් පසු හෙළි වූයේ එය ඉස්ලාමීය අන්තවාදය වී උච්චතම තත්ත්වයකට පත්වීමයි. මේ පසුබිම මැද යහපාලන රජය සමයේ රහස් පොලිසිය පමණක් නොව එහි ප‍්‍රධානියා ඇතුළු ඇතැම් නිලධාරීන් ද දේශපාලනීකරණයට ලක් විය.

එය සනාථ වූයේ ශානි අබේසේකර නමැති හිටපු රහස් පොලිස් ප‍්‍රධානියා දේශපාලකයන්ගේ දකුණු අත බවට පත්වීමයි. පාස්කු ප‍්‍රහාරයෙන් පසු වසර 3ක් සපිරීමට ආසන්නව තිබියදී ඔහු වව්නතිව් පොලිස් මුරපළට එල්ල වූ ප‍්‍රහාරය කොටි කි‍්‍රයාවක සිට පසුව තව්හිද් ජමාත් දක්වා වමාරනු ලැබීය. රහස් පොලිසියට සත්‍ය ප‍්‍රහාරකයන් අනාවරණය කර ගැනීම වැළැක්වීම සඳහා පාසල් බෑගයක දමන ලද යතුරුපැදි ජැකට්ටුවක් සොයා ගත් බව පෙන්වීමට හමුදා බුද්ධි සේවය සහ රාජ්‍ය බුද්ධි සේවාව කුමන්ත‍්‍රණය කළ බවට සැකයක් මතුව ඇතැයි ද බුද්ධි සේවා ඇති කළ ව්‍යාකූලත්වය හේතුවෙන් සීඅයිඞී නිලධාරීන්ට, එම පොලිස් නිලධාරීන් ඝාතනය කර ඇත්තේ සහරාන් කණ්ඩායම බව අනාවරණය කරගත හැකි වූයේ පාස්කු ප‍්‍රහාරයෙන් පසුව බව ද හිටපු රහස් පොලිස් නිලධාරියා දක්වා ඇත.

ශානි අබේසේකරගේ දිවුරුම් පෙත්සමේ කරුණු ප‍්‍රකාශයට පත්කර ඇත්තේ යුද හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා සමග එකට කටයුතු කළ ස්විස් රජයෙන් පිං පඩි ලබන සුනන්ද දේශපි‍්‍රය හෙවත් 1971 කැරැල්ල සමයේ රංජි මල්ලි නමින් හැඳින්වූ හිටපු කැරලිකරුවායි. මෙහිදී නැඟෙන බරපතළ ප‍්‍රශ්නය නම් පාස්කු ප‍්‍රහාරය සිදු වී තෙවසරක් සපිරීමට ආසන්න අවස්ථාවේ ශානි අබේසේකර නමැත්තා මෙපමණ කලක් මෙම තොරතුරු වසන් කරගෙන සිටියේ මන්ද යන්නයි.

හමුදා රහස් එළියට අදින මානව හිමිකම් තුරුම්පුවක්…

එසේම ශානිගේ දිවුරුම් ප‍්‍රකාශයට අදාළ තොරතුරු ඊට පෙර හරින් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ කාදිනල් මැල්කම් රංජිත් විසින් හෙළිදරව් කර තිබුණි. මේ දිවුරුම් ප‍්‍රකාශයෙන් හිටපු රහස් පොලිස් නිලධාරියාගේ අතීත දේශපාලන සබඳතා මින් තහවුරු වී ඇත. එසේම වව්නතිව්හි පොලිස් භටයන් දෙදෙනා ඝාතනය කොටි කි‍්‍රයාවක් නොවන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, රහස් පොලිසියේ රවි සෙනෙවිරත්න වෙත දැනුම් දී තිබියදී ඒ ගැන අවධානය යොමු නො කළේ මන්ද යන්න තවත් බරපතළ ප‍්‍රශ්නයකි.

රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි බෙනට් පෙරේරා ඝාතනය කළවුන් කවුදැයි අද වනතුරු සොයා ගැනීමට නො හැකි විය. එසේ නම් වව්නතිව් ගැන කුමන කතා ද?

මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ යුද අපරාධ සඳහා සාක්ෂි සෙවීමට අලූතින් පත් කළ මහලේකම් කාර්යාලය මෙසේ රජය කි‍්‍රයාත්මක කරන මෙහෙයුම්වලට අදාළ තොරතුරු රැස්කිරීමේ යෙදී ඇත. මේ සඳහා අතරමැදියන්ගේ සහාය ද ලබාගෙන තිබේ. කවුද මේ අතරමැදියන්? ඒ ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ය. එසේම මානව හිමිකම් කොමසාරිස් බැෂලේගේ උපදේශකවරිය ලෙස එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා කෙටුම්පත් කරන වාර්තාවල අඩංගු කරුණු මෙවර 49 වැනි මානව හිමිකම් සැසිවාර වාර්තාවට අඩංගු විය. එහි දැක්වෙන කරුණු මෙසේය.

  1. රජයේ සිවිල් කටයුතු හිටපු හමුදා නිලධාරීන්ට පැවරීම
  2. 2021 ජිනීවා සමුළුවේ දී රජයේ කටයුතුවලින් හමුදාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියත් එය ඉටුකර නැත.
  3. මාධ්‍යවේදියකුගේ නිවසට ප‍්‍රහාර එල්ල වීම සමාජ කි‍්‍රයාකාරිකයකු යැයි හඳුන්වා ගන්නා ෂෙහාන් මාලක නමැත්තා අත්අඩංගුවට ගැනීම (මේ සමාජ කි‍්‍රයාකාරියා හිටිහැටියේ මතු වූවෙකි.
  4. අතරමැදියන් රැසකගේ තොරතුරු නිරීක්ෂණය කිරීම.
  5. ඇමරිකාව චෝදනා එල්ල වූවන්ට සම්බාධක පැනවීම.
  6. මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශන යාන්ත‍්‍රණය අනුව සැප්තැම්බර් මස සැසිවාරයට වැඩිදුර තොරතුරු වාර්තා කිරීම.

මෙවන් පසුබිමක් මැද ශී‍්‍ර ලංකාව මිලිටරිකරණය වී ඇති බවට මුලින්ම චෝදනා එල්ල කළේ යස්මින් සුකායි. එසේම ඇය ප‍්‍රමුඛ ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය ත‍්‍රස්ත මර්දන පනත මානව හිමිකම් කොමසාරිස්වරිය ලවා ඉවත් කරලීමේ දැඩි මෙහෙයුමක් දියත් කර ඇත. ඒ සඳහා උතුරේ සිවිල් ජනතාවගෙන් අත්සන් ලබාගැනීමට ද්‍රවිඩ සන්ධානය කි‍්‍රයා කර ඇත. මේ තත්තවය මත මානව හිමිකම් කොමසාරිස්වරිය අකරතැබ්බයකට මුහුණ පා තිබේ. ඒ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමයි.

මෙම ආක‍්‍රමණයේදී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය වී ඇත. එහෙත් කොමසාරිස් මිචෙලි බැෂලේ මේ දක්වා ම කිසිදු ප‍්‍රකාශයක් කර නැත. රුසියාව ශී‍්‍ර ලංකාවට පක්ෂව මානව හිමිකම් සමුළු කලින් සැසිවාරයේ දී ඡන්දය පාවිච්චි කළ අතර යුක්රේනය බටහිර රටවල් සමග එකතුව ශී‍්‍ර ලංකාවට එරෙහි විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සිය ඇන්ටනෝව් යානා අලූත්වැඩියා කිරීම සඳහා යුක්රේනයේ සහාය පැතූ අතර ඒ සඳහා මුදල් ගෙවනු ලැබීය. මෙම පසුබිම මැද ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරලීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් උත්සාහ ගන්නේ උතුරේ කොටි හිතවාදීන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහායි. උතුරේ සිට විකාශනය කරන ටැමිල් ටියුබ් නමැති යූටියුබ් චැනලය මෙහෙයවන දිවානියා මුකුන්තන් නමැත්තිය 2021 මාර්තු මස ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඇයට එල්ල වී ඇති චෝදනාව කොටි සංවිධානය යළි නඟා සිටුවීම ප‍්‍රවර්ධනය කිරීමයි.

මේ වසරේ ජනවාරි 13 දා ඇයට ඇප ලබා ගැනීමට අධිකරණය වෙත අයැදුම් පතක් ඉදිරිපත් වුවත් මහෙස්ත‍්‍රාත්වරයා පැවසුවේ ත‍්‍රස්ත මර්දන පනත යටතේ තමාට ඇප දිය නොහැකි බව පවසා තිබේ. මේ නිසා ඇගේ සිද්ධිය ඇය ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය පවරා ගෙන තිබේ. එම සංවිධානයට දැන් අවශ්‍ය වී ඇත්තේ ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කර ඇයව මුදා ගැනීමයි. අරවින්දන් සෙල්වනාගම් ද ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවෙකි. වවුනියාවේ පදිංචි අරවින්දන් පසුගිය වසරේ මැයි 18 දා පැවැති ද්‍රවිඩ ජන සංහාරය සැමරීමට සහභාගි වීමේ චෝදනාව එල්ල වී තිබේ. මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර කොටිඩයස්පෝරාව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණට ද යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

හමුදා රහස් එළියට අදින මානව හිමිකම් තුරුම්පුවක්…

ඊශ‍්‍රායලය සැපයූ කෆීර් ප‍්‍රහාරක යානා පැදවූ සුදර්ශන පතිරණ උතුරු නැඟෙනහිර දසදහස් ගණනක් ද්‍රවිඩ ජනතාවට බෝම්බ දමා ඝාතනය කිරීමට ගුවන් හමුදාව විසින් සුදර්ශන පතිරණව භාවිත කළ බව ද කොටිඩයස්පෝරාව එල්ල කළ චෝදනාවේ වැඩිදුරටත් දක්වා ඇත.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්ගෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ 2 වැනි නිලධාරියා සුදර්ශන පතිරණයි. ඊට පෙර ගුවන් හමුදාපති සුමංගල ඩයස්ට එවන් චෝදනා එල්ල වී කැනඩාව සහ ඉතාලිය ඔහුව ශී‍්‍ර ලංකාවේ තානාපති ලෙස භාරගැනීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට තෙදිනක් තිබියදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ ද ශී‍්‍ර ලංකාවට එරෙහිව ද්‍රෝහිකම් කරනු පිරිසක් ගැන අනාවරණය කරනු ලැබීය.

එහෙත් එම ද්‍රෝහින් කවුදැයි ඔහු නම් කළේ නැත.

පසුගියදා යුරෝපා පාර්ලිමේන්තු මානව හිමිකම් අනුකමිටුවට සහ ඇමරිකානු ලැන්ටොස් කොමිසම හමුවට ගොස් ශී‍්‍ර ලංකාවට එරෙහිව දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියේ යහපාලන රජය යටතේ මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ අම්බිකා සකුනානාදන් නමැත්තිය වේ. එහෙත් ශී‍්‍ර ලංකා රජය ඇයට දෝෂාරෝපණය කළා මිස අත්අඩංගුවට ගත්තේ නැත.

මෙහිදී විදේශ කටයුතු අමත්‍යාංශය මේ ද්‍රෝහි කාන්තාව විවේචනය ලක් කිරීම නිසා රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් ඇතුළු අහුලාගත් පුද්ගලයන් 160කට අධික පිරිසක් ලවා විදේශ කටයුතු බලධාරීන් සිදු කළ විවේචනය හෙළා දුටුවේය. ඇය මෙරට මිලිටරිකරණය පමණක් නොවන බුද්ධාගම්කරණය සිදුවී ඇති බවට ද දුෂ්ට ප‍්‍රකාශයක් කරනු ලැබීය.

මේ පසුබිම මැද රංජිත් මැල්කම් කාදිනල්තුමා පාප්වහන්සේ ලවා පාස්කු ප‍්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ අරමුණින් වතිකානුව වෙත ගොස් පාප්තුමා සමග සාකච්ඡාකර තිබේ. ඊට අමතරව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෑමට නියමිත බව අනාවරණය වී ඇත. එහෙත් වතිකානුවට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය නො හැකිය. ඉතාලි රජයට එරෙහිව වතිකානුව එරට අධිකරණයට ගිය අවස්ථාවේ නඩු පරාද විය. මේ හැර ප‍්‍රභාකරන් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවමින් සිවිල් ජනතාව ගම්මාන පිටින් වනසා දමද්දී කතෝලික සභාව ඒ ගැන පාප්වහන්සේට පැමිණිලි කර ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියේ නැත. මෙයට අමතරව උතුරේ කතෝලික පූජකවරු ප‍්‍රභාකරන් හමුවී ඔහුව ඇගයීමට ලක් කරද්දී කතෝලික සභාව සිටියේ කොහේද?

ලයර් එයාර් යානාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර 50කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළේ ප‍්‍රභාකරන්ය. එහෙත් එවකට මන්නාරම රදගුරු රාසප්පු ජෝශප් ගත් කි‍්‍රයාමාර්ගය කුමක්ද? මළ සිරුරු ධීවරයන් විසින් මන්නාරම වෙරළේ වළ දැමූ බව එවකට මන්නාරමේ පොලිස් අධිකාරි ලලිත් ලේකම්ගේට පැවසූ රදගුරු ජෝශප් කොටි තර්ජනය නිසා එම සිද්ධිය යටපත් කිරීමට ක‍්‍රියා කළේය. මෙහිදී මිය ගියේ සිවිල් වැසියන් නොවේද?

පාස්කු ප‍්‍රහාරයෙන් පසු තිහාරියේ අන්තවාදී මුස්ලිම් නිවසක තිබී අයිසිස් හමුදා සැලසුම සොයා ගැනීමට හමුදා අංශ කි‍්‍රයා කළත් එම සොයා ගැනීම් අධිකරණයට යොමු කිරීමට හෝ තිහාරියේ මුස්ලිම් අන්තවාදීන්ට එකී සැලසුම ලැබුණේ කෙසේදැයි සෙවීමට ෂර්ලොක් හෝම්ස් යැයි හිටිහැටියේ මතුවූ සමාජ කි‍්‍රයාධරයකු විසින් හඳුන්වන ශානි අබේසේකර නමැත්තා කි‍්‍රයා කළේ නැත.

මෙයට අමතරව සහරාන්ගේ ජංගම දුරකථනවල මදර්බෝඞ් ඇමරිකාව සහ ඔස්ටේ‍්‍රලියාවට යැවීමට ශානි අබේසේකර කි‍්‍රයා කළේ අධිකරණ නියෝගයක් නැතිවය. මේ ගැන අද වනතුරු වත්මන් රහස් පොලිසිය පරීක්ෂණ කර නැත. මෙවන් ප‍්‍රශ්න මතුවන අවස්ථාවේ පාස්කු ප‍්‍රහාරය ගැන ජර්මනිය හා ඇමරිකාව සහ ස්විට්සර්ලන්තයයට පැන ගිය තක්කඩි එම රටවල සිට විමර්ශන අරඹා ඇත. ඔවුන් පෙන්නුම් කිරීමට දැඩි උත්සාහයක් ගන්නේ ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහා හමුදා බුද්ධි සේවාව සහරාන් ඇතුළු කල්ලිය සමග කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බවයි. වසර 2 2 1/2 කට පසු එම කුමන්ත‍්‍රණ චෝදනාවට සහාය ලබාගෙන ඇත්තේ ශානි අබේසේකරගෙනි. එහෙත් වවුනතිව් පොලිස් භටයන් ඝාතනය කොටි වැඩක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවි සෙනවිරත්නට පවසද්දී ඒ ගැන විමර්ශනයක් කිරීමට ශානි නමැත්තා කි‍්‍රයා නො කළේ මන්ද ඒ වෙනුවට වවුනතිව් ඝාතනය හිටපු කොටින්ගේ කි‍්‍රයාවක් බව ඔහු මාධ්‍යවලට පවසා තිබුණි. මේ අතර ආරම්භ වී ඇති ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ කොටින්ට යුද අපරාධ චෝදනා එල්ල වී නැත. කොමසාරිස් මිචෙලි බැෂලේ ද නිල වශයෙන් මෙතෙක් ප‍්‍රකාශයක් කර නොමැත. එසේ නම් ඇය මැන්ඬේට් බලය හෙවත් බලාධිකාරය භාවිත කරන්නේ ශී‍්‍ර ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව පමණක් බව සනාථ වේ.

හමුදා රහස් එළියට අදින මානව හිමිකම් තුරුම්පුවක්…

එවැනි විටෙක ජිනීවා ගිය ශී‍්‍ර ලංකා නියෝජිත කණ්ඩායම කොටින්ට එරෙහිව යුද අපරාධ චෝදනා හෝ ඒ ගැන සාක්කි ප‍්‍රකාශයට පත් කරන ලෙස මිචෙලි බැෂලේට අභියෝග කර නැත.

ඩොලර් හිඟයකට රජය මුහුණ පා සිටියදී මෙරටින් ජිනීවා ගිය ශී‍්‍ර ලංකා දූත කණ්ඩායම නතර වී සිටින්නේ මානව හිමිකම් කවුන්සිලය සමීපයේ ඇති සුපිරි ඉන්ටර් කන්ටිනෙන්ටල් හෝටලයේය. මෙයට පෙර ජිනීවා ගිය එක් ඇමැතිවරයකු නතර වූයේ ජිනීවා විල අසබඩ පිහිටි අධික මුදලක් අයකරන කෙම්පිස්් හෝටලයේය. එහෙත් රටේ ජනතාවට මේ තොරතුරු වසන් වී තිබේ. මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මාර්තු 4 වැනිදා මානව හිමිකම් සැසිවාරයේ දී ප‍්‍රකාශයට පත් වීමට නියමිතව තිබිය දී පසුගිය සෙනසුරාදා එය ප‍්‍රකාශයට පත් විය. එහෙත් ඊට පෙර එහි තොරතුරු කොටිඩයස්පෝරාවට හෙළි වී තිබිණි.

මේ අතර ජිනීවා ගිය ශී‍්‍ර ලංකා දූත කණ්ඩායම එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමට හෝ එම චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට ස්වභාවික යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටියේ නැත. මෙරටට එල්ල වූ යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර නො දැක්වීමට කි‍්‍රයා නො කළේ මන්ද යැයි රජය ද ජනතාවට අනාවරණය කළේ නැත. එහෙත් ඉන්දියාව 38 වැනි මානව හිමිකම් සමුළුවේදී එල්ල වී තිබූ ඉන්දු කාශ්මරයේ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට වාර්තාවකට ඉන්දීය රජය එරෙහි විය. එම වාර්තාවෙන් ඉන්දියාවේ ස්වෛරීභාවය එකීයභාවය උල්ලංඝනය වන බවත් එම වාර්තාවේ බොරු කරුණු අඩංගු වන අතර විශ්වාස කළ නො හැකි තොරතුරු මත ඉන්දීය හමුදාවට චෝදනා එල්ල කර ඇති බව ද ඉන්දියාව කියා සිටියේය. ඉන්දියාවට එරෙහි එම වාර්තාව කෙටුම්පත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ට ඉඩදීම ගැන හිටපු ඉන්දීය කර්තෘවරයකු වූ සේකර් ගුප්තා මානව හිමිකම් කොමසාරිස්ට චෝදනා කළේය. මෙවර ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මෙරට සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ මෙහෙයුමකි. එම තොරතුරු මෙරටින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යැවූ තොරතුරුයි. ඒ බව තහවුරු වූයේ ශී‍්‍ර ලංකා විරෝධීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේදී පැවසූ ශී‍්‍ර ලංකාව සිංහලකරණය මෙන්ම බෞද්ධාගමිකරණය කර ඇති බවට දැක්වෙන චෝදනාව මානව හිමිකම් කොමසාරිස්වරිය ද සිය වාර්තාවට ඇතුළත් කිරීමයි. මෙවර ඇය සිය මැන්ඬේට් බලය භාවිත කරමින් යුද අපරාධ හමුදා නිලධාරීන් 28ක් ඉලක්ක කර සම්බාධක පනවන ලෙස සාමාජික රටවල් 47ක් වෙතින් ඉල්ලීමක් කළා ය. එසේම සර්වලෝක අධිකරණ පද්ධතිය කි‍්‍රයාත්මක කරන ලෙස ද පැවසුවාය.

හමුදා රහස් එළියට අදින මානව හිමිකම් තුරුම්පුවක්…

එහෙත් බටහිර රටවල් හැර රුසියාව, චීනය, වෙනිසුලාව, කියුබාව යන රටවල් ඊට එකඟ වී නැත.

මෙවර සමුළුවේ ශී‍්‍ර ලංකා දූත කණ්ඩායමට රාජ්‍ය ඇමැති චන්න ජයසුමන ද අයත් විය. මෛති‍්‍රපාල සිිරිසේන ජනපතිගේ යහපාලන රජය සමයේ් ජිනීවා ගිය හිටපු කැනඩා පුරවැසි සුරේන් රාගවන්ට මෙවර ජිනීවා යෑමට නො හැකි වුණි. එහෙත් දේශපේ‍්‍රමී යැයි හඳුන්වා ගත් රජය රාගවන්වට පත් කළ මන්තී‍්‍ර ධුරයටක් ලබා දුන්නේය. රජය ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දෙද්දී රාගවන් ද සමළුවේ සිටියේය. අගමැති මහින්ද රාජපක්ෂ ජාතිවාදියකු බවට රජයේ පුවත්පතකට ප‍්‍රකාශයක් කළේ රාගවන් බව වත්මන් රජයට අමතක වී තිබේ. එසේම මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් මානව හිමිකම් රැකවලූන් නිරීක්ෂණය කිරීම නතර කළ යුතු බවත් ඔවුන්ට අරමුදල් ලැබෙන අයුරු ගැන විමසන බවත් දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment