හමුදා ලාංඡන ටෙන්ඩරය ප‍්‍රතික්ෂේප කළ සමාගමකට ලබාදීමේ තැතක්

283

ති‍්‍රවිධ හමුදාව සඳහා නිල ලාංඡුන ලක්‍ෂ 05 කට අධික ප‍්‍රමාණයක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ප‍්‍රතික්‍ෂේප කරන ලද සමාගමකට යළි ටෙන්ඩරය ලබාදීමට උත්සාහයක් පවතින බවට වාර්තා වෙයි.

2021 වසරේ ජනවාරි 11 වැනිදා ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසු චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ එක්සත් රාජධානිය යන රටවල මෙරට නියෝජිතයන් ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වී ඇත.

ටෙන්ඩර්පත් ඉදිරිපත් කිරීමේදී සම්පූර්ණ කළයුතු කොන්දේසි අතර වසර තුනක කාලයක් තුළ රුපියල් කෝටි 60 ක ගනුදෙනු සිදුකර තිබිය යුතුය යන කොන්දේසියත්, රේගු බදු මුදල්, ප‍්‍රවාහන වියදම් දැරීම ඇතුළු කරුණු කිහිපයක් සම්පූර්ණ කළයුතු බවට වූ කොන්දේසි එක් සමාගමක් විසින් සපුරා නොතිබීම හේතුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ තාක්‍ෂණ කමිටුව විසින් එම සමාගම ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

රුපියල් කෝටි 50 කට වැඩි ටෙන්ඩර්වලට අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ ටෙන්ඩර් කමිටුවට :ීක්‍්ඡුක්‍* ඉදිරිපත් කළ යුතුය. නමුත් ප‍්‍රතික්‍ෂේප කර තිබෙන සමාගමටද නැවත අවස්ථාව ලබාදීම සඳහා අනෙක් ටෙන්ඩර් තුනෙන් එකකට අවස්ථාව ලබානොදී ප‍්‍රමාද කරමින් සිටින බව ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

තාක්‍ෂණික කමිටුව මගින් ටෙන්ඩර් සඳහා සුදුසුකම් සපුරා තිබෙන සමාගම් තුනද ඉදිරිපත් කළ නිල ලාංඡුනද දෝෂ සහිත බවට නිර්දේශ කරමින් කැබිනට් තාක්‍ෂණික කමිටුවට ඉදිරිපත් කර තිබෙන නිසා එම ආයතන තුනෙන්ද නැවත පෙර නිපැයුම් නියැ`දි (සාම්පල්) ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇතත් එවැනි කැඳවීමක් හෝ නොකර කල්මරමින් සිටින බවද වාර්තා වෙයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment