හමුදා සෙබළාගේ නිවෙසේ අවි ගබඩාවක්

92

මොරවක පොලිස්වසමේ අලපලාදෙනිය ප්‍රදේශයේ පදිංචි ගජබා රෙජිමේන්තුවේ සාලියපුර යුද හමුදා කඳවුරේ අවි ගබඩාවට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබළකුගේ

නිවෙසේ තිබී මෙරට නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක්, බෝර 12 ජීව උණ්ඩ 02, හිස් කොපු අටක්, ටී පනස් හය ජීව උණ්ඩ හැත්තෑවක් සහ හිස් කොපු විසි අටක් සමග අදාල හමුදා සෙබළා අත් අඩංගුවට ගැනීමට ලද තොරතුරක් මත පරීක්ෂණ පැවැත්වූ මොරවක පොලිසියේ උප පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු විශේෂ කණ්ඩායමකට හැකිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ, මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මොරවක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ගිහාන් රත්නායක මහතා සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල

advertistmentadvertistment
advertistmentadvertistment