හයක් ගිය ත‍්‍රිරෝද රිය පෙරළී එක් අයෙක් මරුට : පහක් රෝහලේ

266

හොරණ – මතුගම මාර්ගයේ වෙල්ගම දවටගහවත්ත පාරට හැරෙන හංදිය අසලදී ඊයේ (28දා) දහවල් හයදෙනකු ගමන් ගත් ත‍්‍රිරෝද රථයක් පෙරළී යෑමෙන් එක් අයෙකු මියගොස් වයස අවුරුදු 2 ක කුඩා දැරියක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බෙන්තොට කෝමිවල පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු වූ අනුර සමන්ත ගුණවර්ධන 46 යන අයයි. තුවාල ලැබූවන් අතර එකම පවුලේ මව, පුතුන් දෙදෙනා ( රියදුරු ඇතුළුව ) දියණිය සහ එම දියණියගේ කුඩා දැරිය වන බව පොලිසිය කියයි.

ති‍්‍රරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාගේ මව, සහෝදරිය මෙන්ම ඇයගේ දියණිය ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔවුන්ව බෙන්තොට රැුගෙන ඒම සඳහා ති‍්‍රරෝද රථයේ රියදුරු ඔහුගේ සහෝදරයා සහ අසල්වැසියා සමග ඇඹිලිපිටියට ගොස් යළි බෙන්තොට නිවස බලා ගමන් කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

ති‍්‍රරෝද රථයේ රියදුරු හැරෙන්නට පිටුපස අසුනේ කුඩා දැරිය සමග වැඩිහිටි පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කර ඇතැයි පොලිසිය කියයි.

ති‍්‍රරෝද රථය හොරණ මතුගම මාර්ගයේ පැමිණෙමින් සිටියදී වෙල්ගම දවටගහවත්තට හැරෙන හංදිය පෙරළීමෙන් අනතුරුව ති‍්‍රරෝද රථය වට තුනක් කැරකී අනතුරුව මීටර් 14 ක් ඉදිරියට ඇදී ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගොස් කානුවට වැටී නතර වී තිබූ බව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරියෙකු පැවසීය.

අනතුරින් ත‍්‍රිරෝද රථයේ සිටි සියලූම දෙනා තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව විනාඩි කීපයක් තුළදී ත‍්‍ර‍්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා මියගිය අතර සෙසු අය මූලික ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව බුලත්සිංහල රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ත‍්‍රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර වී ඇතැයි පොලිසිය කියයි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පී. සී. ආර්. පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිතය.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, සහකාර පොලිස් අධිකාරි ජී.ජී.එන්. ජයසිරි මහත්වරුන්ගේ උපදෙස් මත බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. කේ. සුසන්ත මහතා පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ, බණ්ඩාරගම – ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment