හයිටි ජනපති ඝාතනයට හිටපු ආරක්ෂක ප‍්‍රධානියා ඇතුළු උසස් නිලධාරීන් 4 ක් අත්අඩංගුවට

289

හයිටි ජනපති මොයිසේගේ ආරක්‍ෂක ප‍්‍රධානියා ලෙස කටයුතු කළ දිමිති‍්‍ර හෙරල්ඞ් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනය සිදුවීමට පෙර ඔහු කොලොම්බියාවට පැමිණ පසුව ඉක්වදෝරය බලා ගොස් තිබිණි.
 
 මෙම ආරක්‍ෂක ප‍්‍රධානියා කොලොම්බියාවේදී ඝාතක කණ්ඩායම හමු වූයේ ද යන්න ගැන පරීක්‍ෂණ සිදුවේ. මේ අතර කොලොම්බියාවේ විශේෂ සේවා බළකායේ හිටපු නිලධාරියකු පැවසුවේ අත්අඩංගුවේ සිටින කොලොම්බියානු කණ්ඩායම ජනපති මොයිසේට ආරක්‍ෂාව සැලසීමට කුලියට බඳවාගෙන තිබූ බවයි. මොවුන් 2018 සහ 2020 අතර සමයේ කොලොම්බියානු හමුදාවෙන් ඉවත්ව ගොස් ඇතැයි කොලොම්බියා ජාතික පොලිස් කොමිසමේ ප‍්‍රධානි ජෝර්ජේ ලූවිස් හෙළිකර ඇත.
 
 මෙම ඝාතනය ගැන පරීක්‍ෂණ පවත්වන හයිටි විමර්ශන කණ්ඩායම සඳහන් කළේ 28 කගෙන් යුත් ඝාතක කණ්ඩායමක් ජනපති ඝාතනයට සම්බන්ධ බවයි. එසේම හයිටි ජනපතිගේ ආරක්‍ෂක කණ්ඩායමේ උසස් නිලධාරීන් සිව්දෙනෙක් ද අත්අඩංගුවේ පසුවේ.
 
සංස්කරණය
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment