හයිටි ජනපති ඝාතනය ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

622

හයිටි රාජ්‍යයේ ජනපති ඝාතනය සිදුවූයේ රෙජිමය වෙනස් කිරීම හෙවත් පාලනය වෙනස් කිරීමේ අරමුණෙනි. මෙම ඝාතනය සිදුවීමට පෙර සතුරා කවුදැයි ජනපති මොයිසේ හඳුනාගෙන තිබුණේ නැත. එවන් පසුබිමක් මැද ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක ඞී. ඊ. ඒ. ඒජන්සියේ නියෝජිතයෙක් මෙන්ම හයිටි ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයක ප‍්‍රධානියෙක් මුල්වී කොළම්බියානු කුලී හේවායන් පිරිසක් මෙහෙයවූ ඝාතන සැලසුමකට ජනපතිවරයා ගොදුරු විය.


එහෙත් මේ ඝාතනය ගැන මෙරට බලධාරීහු අවධානය යොමු කළේද? රට තුළ විරෝධතා රැුලි සිදුවන අවස්ථාවේදී සහ කොරෝනා වසංගතය පැතිර යද්දී මියන්මාරයේ සිට ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරියෙක් මෙරටට සම්ප‍්‍රාප්ත විය. මියන්මාර් හමුදානායකයා මියන්මාර් නායිකා අවුන්සා සුකී සිරගත කර රටේ පාලනය අල්ලා ගැනීමෙන් පසු මේ ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරියා ශ‍්‍රී ලංකාවට සම්ප‍්‍රාප්ත විය.

ඔහු සංචාරක වීසා බලපත‍්‍රයක් මගින් ශ‍්‍රී ලංකාවේ රැුඳී සිටීමට අවසර ගනිද්දී බුදධි අංශ හෝ කටුනායක රහස් පොලිස් ඒකකය පරීක්‍ෂණ ආරම්භ කළේ නැත. මෙය පුදුමයක් නොවේ. රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවර බලා සිය පවුලේ අය සම`ග පැනගියේ කටුනායක රහස් පොලිස් ඒකකය බලා සිටියදීය. අද වනතුරු එම පැනයෑම ගැන පරීක්‍ෂණයක් සිදුවී නැත. මෙම තත්ත්වය මත මියන්මාර් හමුදා කුමන්ත‍්‍රණය සිදුවෙන අවස්ථාවේ එරට සිටි එම ඇමෙරිකානු හමුදා නිලධාරියා මෙරටට පැමිණියේ මන්දැයි විමර්ශනයක් සිදු වූයේ නැත. එසේ වූවත් ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයක බලධාරීන්ට මේ ඇමෙරිකානුවා ගැන තොරතුරු වාර්තා විය. මොහු මෙරටට පැමිණ ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධානයට සම්බන්ධ ස්නෝර් නම් වූ ව්‍යාපෘතියක ප‍්‍රධානියා විය. කොළඹ හැව්ලොක් ටවුමේ සුපිරි මහල් නිවසක පදිංචිව සිටි මෙම ඇමෙරිකානුවා ආගමන විගමන බලධාරීන් ගෙන්වා ප‍්‍රශ්න කර පැය 24 ක් ගතවීමට පෙර කිසිදු බාධාවකින් තොරව කටුනායක ගුවන් තොටුපලින් රුමේනියාව බලා පිටව ගියේය. මොහු පිටව යෑමෙන් පසු ආගමන විගමන බලධාරීහු වාර්තාවක් ප‍්‍රකාශයට පත් කරමින් එම හමුදා නිලධාරියා රටට ඇතුල්වීමට තහනම් පුද්ගලයකු ලෙස නම් කරනු ලැබීය. එය අශ්වයා පැන  ගියාට පසු ඉස්තාලය වසා දැමීමට සමානය.

මොහුගේ පැනයෑමෙන් පසු සී. අයි. ඒ. සංවිධානයට සම්බන්ධ යූ. එස්. එඞ්. සංවිධානයේ තවත් ව්‍යාපෘතියක සේවය කරන තවත් හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරියකු පිළිබඳව බුද්ධි අංශ විසින් පරීක්‍ෂණ ආරම්භ කෙරුණි.

එහි ප‍්‍රතිඵලයක් වූයේ ඔහු ගැන රහස් පොලිසිය විමර්ශන ඇරඹීමයි. මෙවන් පසුබිමක් මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ, ඇමෙරිකානු කොන්ග‍්‍රසය, යුරෝපා පාර්ලිමේන්තුව සහ කොටි ඩයස්පෝරොව ශ‍්‍රී ලංකාවේ පාලනය වෙනස් කිරීමේ අවශ්‍යතාවයකින් පසුවේ.එහෙත් රජයේ බලධාරීහු එම අනතුරුදායක තත්ත්වය තේරුම් ගෙන තිබේද? හයිටි ජනපති මොයිසේ ඝාතනය සිදුවීම සහ එය ක‍්‍රියාත්මක වූ ආකාරය ශ‍්‍රී ලංකාවටද බරපතළ අවදානම් තත්ත්වයක් පෙන්නුම් කිරීමකි. හයිටි ඇමෙරිකානු ද්විත්ව පුරවැසි ක‍්‍රිස්ටියන් එමානුවෙල් සනොස් හයිටි ජනපති ඝාතනයේ ප‍්‍රධාන සැලසුම් කරුයි. එහෙත් ඔහුව යම් බලවතෙක් විසින් ඝාතනය සඳහා යොදාගෙන ඇතැයි දැන් තොරතුරු හෙළි වී තිබේ.

සානොස් ඇමෙරිකානු සී. ඊ. ඒ. මත්ද්‍රව්‍ය නාශක ඒජන්සියේ ඒජන්තවරයෙකු ද වේ. ඔහු ජැක්මල් අයිවන් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක්ද පිහිටුවාගෙන තිබුණි. ද්විත්ව පුරවැසියකු වූ සනොස් ඇමෙරිකානු ටී පාටි සමාගමක් වූ සී. ටී. යූ. ආයතනයේ 26 කගෙන් යුත් ප‍්‍රහාරක කණ්ඩායමක් සිය මෙහෙයුම සඳහා තෝරාගෙන තිබුණි. එසේම ඔහු හයිටි රාජ්‍යයේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ලෙසද සේවය කර ඇත. හයිටි ජනපති මොයිසේ ද රටතුළ විවිධ විරෝධතා රැුසකට මුහුණදී තිබුණි. කොරෝනා වසංගතය මර්දනය කිරීමේ දුර්වලතා සහ ඉන්ධන මිල වැඩිකිරීම නිසා ඔහුට ජනපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට විරෝධතා ද ඇති විය. මේ අතර ජනපති ඝාතනයට අවි ආයුධ සපයා ඇත්තේ ඔහුට එරෙහි හිටපු දේශපාලකයකු වූ ජෝන් ජෝෂප් නැමැත්තා බට හෙළි වී තිබේ. හයිටි අධිකරණ අමාත්‍යාංශයේ සේවය කළ ජෝෂප් පිළික්ස් නැමැත්තා ජනපති මොයිසේගේ නිවස අසල නිවසක් කුලියට ගෙන ප‍්‍රදේශයේ සිතියම ඝාතන කණ්ඩායමට ලබාදී තිබේ. එහෙත් ජනපති මොයිසේ ඝාතනය වූයේ ජනපති මැඳුරේදී නොව ඔහුගේ පුද්ගලික නිවසේ සිටියදීය. මෙවන් පසුබිමක් මැද ශ‍්‍රී ලංකාවේ සිදුවන ක‍්‍රියාදාමයන් ගැන ද අවධානය යොමු කළ යුතුයි. ශ‍්‍රී ලංකාවේ රජය වෙනස් කිරීම සඳහා ඇමෙරිකාව, යුරෝපා සංගමය, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ කැනඩාව අද දැඩි උත්සාහයක යෙදී සිටිති. යහපාලන රජය යටතේ විදේශ ගත ද්‍රවිඩයන් රැුසකට මෙරට ද්විත්ව පුරවැසි බව ලබාදී තිබේ. මේ හැර කොටි ඩයස්පෝරාව සතුව ඇදහිය නොහැකි මුදල් සම්බාරයක් ඇත. එසේම යුරෝපා රටවල කුලී හේවායන් විශාල ලෙස පදිංචිව සිටිති. මොවුන් විශේෂ බලකායන්හි හිටපු භටයන් වන අතර ප‍්‍රහාර එල්ල කිරීමේ මනා හැකියාවක් ඇත. මෙවන් තත්ත්වයක් මැද ඇමෙරිකානු ඞී ඊ ඒ මත්ද්‍රව්‍ය නාශක ඒජන්සියේ ඒජන්තවරුන් මෙරටට ද පැමිණ සිටි බව වාර්තා වී තිබේ.

මේ සී ඊ ඒ ඒජන්තවරු ශ‍්‍රී ලංකාවට පැමිණියේ මෙරට මත්ද්‍රව්‍ය නාශක කටයුතුවලට සහයවීමටද? මේ අතර ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ ප‍්‍රධානතම නිලධාරියකු මෙරටට හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරීන් රහසිගතව පැමිණීම ගැන හමුදා බුද්ධි අංශවලට අනතුරු අ`ගවනු ලැබීය. හයිටි ජනපති ඝාතනය ශ‍්‍රී ලංකාවට අනතුරු ඇ`ගවීමක් යැයි ඔහු තවදුරටත් පෙන්නුම් කර ඇත.

පාස්කු ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ හදිසියකදී ත‍්‍රස්තයන්ට ප‍්‍රහාර එල්ල කිරීමේ විශේෂිත ඒකකයක් මෙරට නොතිබුණි. එසේම සහරාන්ගේ බිරියට කිසිදු බාධාවකින් තොරව බෝට්ටුවකින් මෙරටින් පැන යෑමට හැකි විය. එසේම ඉන්දීය රෝ සංවිධානය සහ එරට ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල්ද, වත්මන් ජනපති සහ රජය කෙරේ දක්වන ආකල්පය සතුටුදායක නැත.

මෙම තත්ත්වය මත ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විදේශ රටවල ඉලක්කය බවට පත් වී තිබේ. මෙම පසුබිම මැද හයිටි ජනපති ඝාතනය රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකුගේ මෙහෙයවීමෙන් පමණක් සිදුවී නැත. එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්ද ඊට සම්බන්ධ වී සිටිති. එහෙත් එම ඝාතන පසුබිමේ බලවත් හස්තයක් ක‍්‍රියාත්මක වී ඇති බව පැහැදිලිය. ඒ ඇමෙරිකානු සී අයි ඒ ඔත්තු සේවාවද? දැනටමත් හයිටි ජනපති ඝාතනය ගැන සෙවීමට එෆ්. බී. අයි. ඇමෙරිකානු පොලිසිය හයිටියට පැමිණ ඇත. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සමානය. පාස්කු ප‍්‍රහාරයත් සම`ග මෙරටට පැමිණියේ ඇමෙරිකානු එෆ්. බී. අයි. පොලිසියයි. එහෙත් මෙරටින් සැපයූ තොරතුරු මිස ඇමෙරිකානු පොලිසිය සොයාගත් දෙයක් නැත.

එසේම 12,000 ක් කොටි අවස්ථාවක් වනතුරු බලාසිටිති. වැලිගම සිරගෙදර රඳවා සිටි මරාගෙන මැරෙන බෝම්බකාරියන් කීපදෙනෙක් නිදහස්වීමට පෙර සිරකරුවකුව සිටි ආරක්‍ෂක අංශ නිලධාරියකුට පැවසුවේ අරගලය අවසන් වී නැති බවත්, අවස්ථාවක් ලැබුණොත් තමන් මරාගෙන මැරෙන බෝම්බකාරියක් වන බවයි. එහෙත් රජයේ බුද්ධි අංශ මෙම කොටි බෝම්බකරුවන් අතරට තම ඔත්තුකරුවකු යෙදීමට ක‍්‍රියාකළේ නැත.

මෙවන් පසුබිමක් මැද රෙජිමය වෙනස්වන තුරු කොටි ඩයස්පෝරාව ඉල්ලා සිටිති. ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නම් කළ යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 28 ක පිරිසක් කුදලාගෙන ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයෑමට යාහපාලන රජය ශ‍්‍රී ලංකා හමුදාව දෙවරක්ම බටහිරට පාවා දුන්නේ නම් එම හමුදා නිලධාරියා 282 පිරිස බටහිරට පාවාදීම නොකරනු ඇතැයි කිවහැකිද? සර්බියානු රෙජිමය වෙනස්වීමත් සමගම සිදු වූයේද යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් බටහිර රටවලට පාවාදීමයි. මේ අතර හයිටියේ මෙන් රජය වෙනස් කිරීම සඳහා බටහිර රටවල් බලා සිටිති. බටහිර තානාපතිවරු අද මෙරට සියලූ දේශපාලන කටයුතුවලට මැදිහත් වී සිටිති. වියානා සම්මුතිය මත බටහිර තානාපතිවරුන්ට මෙරට කටයුතු වලට මැදිහත්වීම තහනම් වූවත් ඕවුහු එම තහනම කෙරේ තැකීමක් නොදක්වති. හයිටි ජනපති මොයිසේ වටා සිටියේ ඔහුට එරෙහි සතුරන් ය. එහෙත් ඔහු ඒ බව අවබෝධ කරගත්තේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ සතුරන් ඔහුගේ නිවසට කඩාවැදී ඝාතනය මෙහෙය වීමයි. පිරිසක් තම නිවසට වෙඩි තබන බව අලූයම 1 ට පමණ ජනපති මොයිසේ පොලිසියේ බලධාරීන්ට දන්වනු ලැබුවත් පොලිසිය පැමිණ ඇත්තේ අලූයම 2ට පමණය. එසේම ඝාතනය සම්බන්ධව ආරක්‍ෂක අංශ නිලධාරීන් රැසක් අත්අඩංගුවේ පසුවේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment