හයිටි නව අගමැති ඒරියල් හෙන්රි ඝාතන ප‍්‍රයත්නයකින් දිවිගලවා ගනියි

230

එක් අයෙක් මරුට: දෙදෙනකුට තුවාල

හයිටි නව අගමැති ඒරියල් හෙන්රි ඝාතනය කිරීම සඳහා දැරූ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇත. හයිටි දූපතට නිදහස ලැබීම නිමිත්තෙන් දේවස්ථානයක පැවැති ආගමික උත්සවයකට සහභාගී වන අවස්ථාවේ හයිටි අගමැතිට වෙඩි තබා තිබේ.

හයිති මාධ්‍ය පැවසුවේ එම වෙඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. මැරකල්ලියක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. වෙඩි ප‍්‍රහාර එල්ල වීමෙන් පසු අගමැති හෙන්රි පැනගොස් තිබේ. මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ ගොනයිටේප් නගරයේය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment