හයිටි භූමිකම්පාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1297 ට නගී

289

ඉකුත් සෙනසුරාදා හයිටි රාජ්‍යයේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් මියගිය පිරිස ඊයේ (16දා) වන විට 1297 දක්වා ඉහළ ගොස් තිබිණි. තවත් වැසියන් 5700 කට අධික පිරිසක් මෙම ස්වභාවික විපතෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ. භූමිකම්පාව හේතුවෙන් නිවාස 13,694ක් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබූ අතර තවත් නිවාස 13,785කට හානි සිදුව තිබිණි.

 තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරී ඉතිරී ගොස් ඇති අතර භූමිකම්පාවෙන් සිදු වූ හානිය හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බවද වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment