හයිටි රාජ්‍යයේ භූමිකම්පාවකින් 304 ක් මරුට

433

හයිටි රාජ්‍යයේ බටහිර කලාපයේ පෙරේදා (14දා) දිනයේ ඇති වූ දරුණු භූමිකම්පාවකින් පුද්ගලයන් 304 දෙනකු මියගොස් තවත් 1800 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. රිච්ටර් මාපකයේ 7.2ක් වශයෙන් සටහන් වී ඇති මෙම භූමිකම්පාව හේතුවෙන් හෝටල්, පල්ලි ඇතුළු ගොඩනැ`ගිලි ගණනාවක් බිමට සමතලා වී හෝ විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ. හයිටි රාජ්‍යයයේ අගමැති අනෙල් හෙන්රි විසින් මෙම දරුණු භූමිකම්පාව හේතුවෙන් රට පුරා මසක කාලයක් සඳහා හදිසි අවස්ථාවක් ප‍්‍රකාශ කර තිබේ.

හයිටි රාජ්‍යයේ භූමිකම්පාවකින් 304 ක් මරුට

මෙයට පෙර 2010 වසරේදී හයිටි රාජ්‍යයේ හටගත් දරුණු භූමිකම්පාවේ බලපෑමෙන් තවමත් මිදී නොමැති එරට සෙනසුරාදා දිනයේ හටගත් මෙම භූමිකම්පාව හේතුවෙන් විශාල හානියක් සිදුව ඇති බව අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබේ. සෙන්ට් ලූ ස් ඩු සුඞ් නගරයට කිලෝ මීටර් 12ක් ඈතින් සිදුව ඇති මෙම භූමිකම්පාවෙන් හටගත් භූ චලනයන් එම ස්ථානයේ සිට කිලෝ මීටර් 125 ක් දුරින් පිහිටි හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝර්ට් අවු ප‍්‍රින්ස් නගරයට මෙන්ම අසල්වාසී රටවලටද දැනී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment