හයිද්‍රාබාද් අවසන් පන්දුවේදී ජයගනී

310

තරගයේ අවසන් පන්දුව නිපන්දුවක් ලෙස යැවීම හේතුවෙන් ඒ වන වට හිමි වූ “ෆ්‍රී හිට්” අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අබ්දුල් සමාද් එල්ල කළ හයේ පහර සමගින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ට ඊයේ රාත්‍රියේ පැවති අයිපීඑල් තරඟයේ දී කඩුළු 4ක තියුණු ජයග්‍රහණයක් හිමි විය.
මෙම තරගයේ ජය ගැනීම සඳහා හයිද්‍රාබාද් කණ්ඩායමට අවසන් පන්දුවාර දෙකේදී ලකුණු 41 ක් අවශ්‍ය වූ අතර තරඟයේ දහනම වන පන්දුවාරයේදී ග්ලෙන් පිලිප්ස් කුල්දීප් යාදව් ගේ පන්දු හමුවේ පිට පිට හයේ පහර තුනක් සහ හතරේ පහරක් එල්ල කළේය.
අබ්දුල් සමාද් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ සන්දීප් ශර්මා හමුවේ ජයග්‍රහණයට අවශ්‍ය ඉතිරි ලකුණ ටික සම්පූර්ණ කර ගත්තේය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමු පන්දුවට පහරදී ලකුණු 214 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment