හය හැවිරිදි සිසුවා ගුරුවරියට වෙඩි තැබුවේ අම්මාගේ පිස්තෝලෙන්

357

ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගුරුවරියකට වෙඩි තැබීම සඳහා සය හැවිරිදි සිසුවා භාවිත කර ඇත්තේ ඔහුගේ මවගේ පිස්තෝලය බව හෙළිව තිබේ.

මේ දරුවා සිය බෑගයේ දමාගෙන පැමිණි පිස්තෝලයෙන් 25 හැවිරිදි ගුරුවරියට වෙඩි තබා ඇත.

එම ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පවසන්නේ මේ වෙඩි තැබීම හිතාමතාම සිදුකළ එකක් බවයි.

ගුරුවරියගේ අතකට හා පපුවට වෙඩි ප්‍රහාර එල්ලවී ඇති අතර ඇගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව එරට මාධ්‍ය කියයි.

මෙම වෙඩි තැබීම සිදුවූයේ පසුගිය සිකුරාදා (6 දා) දිනයේය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment