හරක්කටා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් හැටි

397


මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන නඳුන් චින්තක නොහොත් ,හරක් කටා,සහ සළිඳු මල්ෂික නොහොත් ,කුඩු සළිඳු, ඇතුළු 8දෙනෙක් මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධව නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු නිවේදනයකට අනුව බව පොලිසිය පවසයි.එබැවින් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මෙරට පොලිසියට දැනුම්දී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ අත්අඩංගුවට පත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ සහ පියා ද වන බවය.
ඇය මැලගාසි ජාතික තැනැත්තියක් බවට අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ හරක් කටා ඇතුළු 5දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වැනිදා එරට නොසි බි යන ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත්තේ පෞද්ගලික ජෙට් යානයකින් බවය.

පසුදින මොවුන් අභ්‍යන්තර ගුවන් යානයකින් ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළ ට පැමිණ ඇති බව ද එම වාර්තාවල සඳහන්ය.

ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 1 වනදා මැඩගස්කරයෙන් පිටව යෑමේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment