හරක් කටාගේ මත් ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකා කුඩු බට්ටි මාට්ටු

229

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න සහ හරක් කටාගේ මත් ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජින හෙවත් කුඩු බට්ටි සහ තවත් පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි අංශයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුම් සහ මත්ද්‍රව්‍ය නාශක සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මග පෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ ඒකකයේ උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැලිකඩ පොලිස් වසමේ කෝට්ටේ පාර අංක 1586 ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි විමර්ෂණ කටයුතු වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

ධර්මසේන වැලිපිටිය සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment