හරක් කටා මෙල්ල කළ එස්ටීඑෆ් නිලධාරියාට තාමත් උසස්වීමක් නෑ

358

‘හරක් කටාට’ පැන යෑමට ඉඩනොදී පොරබදා මෙල්ල කරගත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ සේවාව අගය කර ඔහුට උසස්වීමක් ලබාදෙන ලෙස එම බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් මේ වන තුරුත් ඊට ප්‍රතිචාරයක් ලැබී නැත.

හරක් කටා රහස් පොලිස් භාරයෙන් පැන යෑමට උත්සාහ කළ අවස්ථාවේ මෙම විශේෂ කාර්ය බළකා උප පොලිස් පරීක්‍ෂකවරයා සිය ජීවිතය නොතකා ඔහු මෙල්ලකරගෙන පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබුණි.

පොලිස්පති තනතුර මේ දිනවල මාතෘකාවක් වී තිබීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ ඉල්ලීම ප්‍රමාද වීමට හේතුවක් විය හැක.

මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ හරක් කටාව පැන යෑමට ඉඩ නොදුන් රහස් පොලිසියේ තවත් පොලිස් නිලධාරීන් සිටී දැයි පරීක්‍ෂණයක් පවත්වාගෙන යන බවත් ඒ අනුව ඔවුන්ටද උසස් වීම් ලැබීමට ඉඩ තිබෙන බවත්ය.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment