හරක් මස්වලට ඇණ කොටාගැනීමෙන් විශ්‍රාමික සිවිල් ආරක්ෂක  නිලධාරියා මරු දකී

556

හජ්ජි උත්සවයට සමගාමීව පල්ලියෙන් ලබා දෙන ගව මස් පවුල් සඳහා බෙදා දෙන අවස්ථාවේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පහර කෑමට ලක්වූ විශ්‍රාමික සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අසිරික්ගම,  ගම්මිරිගස්වැව ප්‍රදේශයේ පදිංචි කේ. තරිබ්දීන් නැමැති අයෙකු බව පොලිසිය කියයි.

මරණකරු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ගමේ පල්ලියේ සාමාජිකත්වය ලබා ගෙන ගමේ පොදු කටයුතු වලට සහභාගි වෙමින් සිට ඇති අතර පල්ලියට ලැබුණු ගව මස් තොගයක් පවුල් අතර බෙදා දීම සඳහා සම්බන්ධ වී සිටි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය 12දා පල්ලියට නව සාමාජිකයන් බඳවා ගැනීමට පැවති රැස්වීමට ගොස් මරණකරු නිවසට පැමිණ සිටි අවස්ථාවේදී පිරිමින් සහ කාන්තාවන් පිරිසක් කඩු, පොලු සහ ගල් මුගුරු රැගෙන පැමිණ සිහිසුන් වන තුරු පහර දුන් බව මරණකරුගේ බිරිඳ සිදු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි. පසුව ප්‍රදෙශවාසීන් එක්ව බට්ටා වර්ගයේ ලොරි රථයකින් සැමියා රෝහල්ගත කළ බවත් පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment