හරකෙක් උස්සන්න ඇවිත් ගම්මුන් දැක පළා යන්න හැදූ වෑන්රිය පෙරළිලා

234

දැරණියගල, වරකාතැන්න මාර්ගයේ වරකාතැන්න ප‍්‍රදේශයේ දී වෑන් රථයක් පෙරළී ඇති බව දැරණියගල පොලීසිය පවසයි. අනතුරින් එහි ගමන්ගත් කිසිවෙකුට ජීවිත හානි හෝ තුවාල සිදු වී නොමැත.

වරකාතැන්න ප‍්‍රදේශවාසීන් පවසන්නේ 26 වන දින අලූ‍යම වරකාතැන්න ප‍්‍රදේශයේ මාර්ගය ආසන්නයේ එළ ගවයෙකු කකුල්වලින් ගැට ගසා සිට ඇති අතර එම ස්ථානයේ අනතුරට පත් වෑන් රථය ද තිබී ඇති අතර ප‍්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමග වෑන් රථය පළායෑමේ දී මෙම අනතුර සිදු වී ඇත. පසුව එළගවයාගේ ගැටගසා තිබූ ලණු ලිහා දැමූ අතර ගවයාගේ හිමිකරු ද එම ප‍්‍රදේශයේම අයෙකි.

වසන්ත සමරවර්ධන බුලත්කොහුපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment