හර්තාලයට ගිය අයගේ මැයි මස පඩි කපන කතාව බොරුවක්

71

ජනාධිපති මාධ්‍ය ඒකකය

හර්තාල් ව්‍යාපාරයට සහභාගි වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපාහැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති බව ද මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment