හර්තාලයෙන් රටම අඩපණයි

377


ආණ්ඩුවට විරෝධය පළකරමින් වෘත්තීය සමිති අද ආරම්භකර ඇති හර්තාල් ව්‍යාපාරය නිසා මේ වන විට රටම අඩපණවී ඇත.මේ වන විට රට පුරා පොදු ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපනවී ඇත.ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය නතර කර ඇති අතර පෞද්ගලික බස් රථ ධාවනයද සිදු නොවේ.රජයේ සහ පෞද්ගලික බැංකු සේවකයින්ද සේවයට වාර්තා කර නැති නිසා බැංකු ද වසා දමා ඇත.බොහෝ කඩ සාප්පු වසා දමා කලු කොඩි ඔසවා තිබේ.දිවයින පුරා ඇති සියලුම ආයෝජන කලාප ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වේ.ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානද වසාදමා ඇත.රජයේ රෝහල්හි හදිසි ප්‍රතිකාර ඒකක සඳහා හැර බාහිර වෛද්‍ය සායන සඳහා රෝගීන්ගේ පැමිණීම අඩුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment