හර්තාල් දින පෞද්ගලික බස් ධාවනය

566


මෙම මස 06 වැනිදා වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන හර්තාල් ව්‍යාපාරයේදී පෞද්ගලික බස් රථ පාර්ලිමේන්තුව අවට මාර්ගවල නතර කර දේශපාලඥයින්ට දැනෙන ලෙස සාමකාමී විරෝධයක නිරතවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එදින බස් රථ ධාවනය සම්බන්ධව බස් රථ හිමිකරුවන්ට තීරණයක් ගැනීමට අවස්ථාව ලබා දෙන බව ද පවසයි. සාමකාමී විරෝධයේ යෙදෙන දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති ස්වාධීනව කටයුතු කරන තරුණ පිරිසට කිලෝමීටර් 20ක් දක්වා නොමිලේ ධාවන පහසුකම් ලබාදෙන බවද සඳහන්කරයි. වෘත්තීය සමිති විසින් මෙම හර්තාල් ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබාදී දේශපාලඥයින්ට දැනෙන ලෙස සිදු නොකළහොත් මෙය තවත් එක් නිවාඩු දිනයක් බවටපත්වී එදිනෙදා ආදායම් සොයාගන්නා ජනතාව පීඩාවට පත්වන බවද පවසයි.

මාසික වැටුප් ලබන රජයේ සහ පෞද්ගලික අංහයේ සේවකයිනට මෙය ගැටලුවක් නැතැයිද ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment