හර්දික් පාණ්ඩ්‍යාගේ ලෝක කුසලාන සහභාගිත්වය අවිනිශ්චිතයි

353

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක හර්දික් පාණ්ඩ්‍යා එළැඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිතභාවයට පත්ව ඇත.

ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ප‍්‍රශ්නයක් මත මෙම තත්ත්වය උදාවී ඇති අතර පන්දු යැවීමේ කාර්යය සිදු කිරිමට තරම් යෝග්‍යතාවක් ඔහු තුළින් ප‍්‍රදර්ශනය නොවන බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.

දැන් කි‍්‍රයාත්මක වන අයි පී එල් තරගාවලියේ තරග කිහිපයකට ද පාණ්ඩ්‍යාගේ දායකත්වය නොලැබුණු අතර විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයෙන් පාණ්ඩ්‍යා ඉවත් කෙරේ නම් ඒ සඳහා ශර්දුල් ඨාකුර් හෝ ශී‍්‍රයස් අයියර් යන දෙදෙනාගෙන් අයකු ප‍්‍රධාන සංචිතයට එක්වනු ඇති බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා ඉන්දීය අතිරේක සංචිතය නියෝජනය කරන කී‍්‍රඩකයෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment