හර්බජන් එක්ක රඟන ඉන්දියාවේ ටෙ‍්‍රන්ඩින් වුණ යාපනේ කෙල්ල – ලොස්ලියා මරියනේෂන්

344

සිනමාව කියන්නේ විශ්ව මාධ්‍යයක්. ඒ වගේම තමයි විවිධ රටවල තමන්ටම ආවේනික වූ සිනමාවක් තියෙනවා. තමන්ගේ රටින් පිට වෙනත් සිනමාවක් කරා ගමන් කරනවා නම් අපි කියනවා ඔවුන් ජාත්‍යන්තරයට ගියා කියලා. අන්න ඒ වගේ තරු කිහිපයක්ම අපේ රටේ හිටියා වගේම ඉන්නවා. අතීතයේ මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා, යශෝදා විමලධර්ම, ස්වර්ණා මල්ලවආරච්චි කියන නිළියන් ඒ විදිහට ජාත්‍යන්තර සිනමාව එක්ක සම්බන්ධ වුනා. වර්තමානයේ ජැකලීන් ෆර්නෑන්ඩස් කියන්නේ ලංකාවෙන් බිහි වූ බොලිවුඞ් සිනමාවේ අතිශය ජනප‍්‍රිය තරුවක්. ඒ තරු ගොන්නට එකතුවෙන අපේ අලූත්ම සුරූපිනිය තමයි ලොස්ලියා මරියනේෂන්. ලොස්ලියා මේ හපන්කම කරන්නේ ෆෙරෙන්ඞ්ෂිප් සිනමාපටයෙන්.

 ෆෙරෙන්ඞ්ෂිප් කියන්නේ සුපිරි තරු කිහිපයක්ම රඟන දමිළ සිනමාපටයක්. ජෝන් පෝල් රාඡ් සහ ෂාම් සූර්යා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙය ආදරය, හාස්‍යය සහ ක‍්‍රීඩාව ඇතුළත් වෙනස් විදිහේ චිත‍්‍රපටයක් කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මෙය ජනප‍්‍රිය මලයාලම් සිනමාපටයක් වූ ක්වීන් හි ප‍්‍රතිනිර්මාණයක්. ජනප‍්‍රිය ඉන්දීය ක‍්‍රිකට් කී‍්‍රඩකයෙකු වන හර්බජන් සිං, අර්ජුන්, සතිෂ්, ලොස්ලියා මරියනේෂන් ප‍්‍රධාන චරිත රඟපානු ලබනවා. ඉන්දියාවේ හිටපු ජනප‍්‍රිය ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන හර්බජන් සිංගේ සහ ශ්‍රී ලාංකේය ප‍්‍රවෘත්ති නිවේදිකා ලොස්ලියා මරියනේෂන්ගේ පළමු සිනමා රංගනය වන්නේ ෆෙරෙන්ඞ්ෂිප්. පසුගිය 18 වැනිදා සිට තිරගතවීම ඇරඹූ මෙම චිත‍්‍රපටය දමිළ භාෂාවට අමතරව හින්දි, තෙළිඟු සහ කන්නඩ යන භාෂාවලින් ද තිරගත කිරීමට නිෂ්පාදකයින් කටයුතු යොදා තිබෙනවා.

 ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තරඟ කළ හර්බජන් එහිදී දමිළ පේ‍්‍රක්‍ෂකයින් සමග නිතර නිතර තමන්ගේ අදහස් හුවමාරු කරගත්තා. ඒ නිසාම ඔහු තමිල්නාඩු ප‍්‍රාන්තයේ ගොඩක් ජනප‍්‍රියවුණා. මේ නිසා තමයි නිෂ්පාදකයින් ඔහුව සිනමාපටයේ විශ්වවිද්‍යාල සිසුවකුගේ චරිතයක් නිරූපණය කිරීමට ආරාධනා කරන්නේ. ඉහළ පෙළේ ඉන්දීය ක‍්‍රිකට් කී‍්‍රඩකයෙකු ඉන්දියානු සිනමාපටයක ප‍්‍රධාන චරිතයක් රඟපාන පළමු අවස්ථාවත් මේකයි. ඒ වගේම තමයි ඉන්දියාවේ ස්ටාර් විෙඡ් නාලිකාවේ විකාශය වූ බිග් බොස් ටැමිල් වැඩසටහනේ 3 වැනි අදියරට සහභාගී වූ ලොස්ලියා එහිදී විශාල ජනප‍්‍රියත්වයක් හිමිකර ගත්තා. ඇයව මේ සිනමාපටයට සම්බන්ධ කරගත්තේ ඉන් පසුවයි.

හර්බජන් එක්ක රඟන ඉන්දියාවේ ටෙ‍්‍රන්ඩින් වුණ යාපනේ කෙල්ල - ලොස්ලියා මරියනේෂන්



 කලක් සිරස මාධ්‍ය ජාලයේ ශක්ති ටීවී හි ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වී සිටි ඇය මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි තරග සඳහාද සහභාගි වී සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. 26 හැවිරිදි ලොස්ලියා මරියනේෂන්ස් කිලිනොච්චියේ උපත ලබා ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇගේ දෙමාපියන් යාපනයේ පදිංචිකරුවන්ය.2019 වසරේ සිට ඉන්දියාවේ අතිශයින් ප‍්‍රචලිත බිග්බොස් රියැලිටි තරගාවලිය සඳහා ඇය ඉදිරිපත්වී සිටින්නීය.

 ලොස්ලියා ප‍්‍රසිද්ධියට පත්වූයේ කමල් හසන් විසින් පැවැත් වූ බිග්බොස් තුන්වැනි වාරයට සහභාගිවීමෙන් පසුවය. ඇයට වැඩසටහන ආරම්භයේ පටන්ම ඉහළ ප‍්‍රතිචාර හිමිවිය.ලොස්ලියා මේ වන විට බිබී ජෝඩිගල් ප‍්‍රදර්ශනයට සහභාගි වන අතර ඇගේ නර්තන වීඩියෝවක් ඉන්දියාවේ සමාජ මාධ්‍ය අතර ජනප‍්‍රියවෙමින් පවතී.

 2020 අගෝස්තු මාසයේ එළිදක්වන්න හිටපු මේ චිත‍්‍රපටය 2021 සැප්තැම්බර් වෙනකල්

 කල්ගියේ කොවිඞ් වසංගත තත්ත්වය නිසයි. සිනමාපටයේ පූර්ව ප‍්‍රචාරක පටයට බොහෝ දෙනාගෙන් හොද ප‍්‍රතිචාර හිමිවුණා. ඒ වගේම නවක නිළි ලොස්ලියාගේ රංගනය පිළිබඳවත් ගොඩක් අය ප‍්‍රශංසාවෙන් කතා කරනවා. විචාරකයින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඇගෙන් හොද චරිත රංගනයක් බලාගන්න පුළුවන් බවයි. ලොස්ලියා මේ දවස්වල ඉන්දියාවේ රසිකයින් අතරත් ගොඩක් ජනප‍්‍රියත්වයට පත්වෙලා. ඒ ආදරය නිසාම ඇයට ලැබෙන ප‍්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. ඉදිරියේදී ඇයව තමන් ගේ නිර්මාණවලට දායක කරගන්න මේ වෙනකොටත් සමහර අධ්‍යක්‍ෂකවරුන් සූදානම් වෙනවාලූ. තමන්ට ලැබුණු මේ අවස්ථාව ගැන ලොස්ලියා කියල තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම සිනමාවට සම්බන්ධ වෙන්න මට අදහසක් තිබුණේ නැහැ. නමුත් මේ ලැබුණු

 අවස්ථාව වෙනුවෙන් මම මගේ උපරිමය කළා. ප‍්‍රධාන පෙළේ බොලිවුඞ් නිර්මාණයක ප‍්‍රබල චරිතයක් කරන්න ලැබුණු එකම මගේ වාසනාවක්. ඉදිරියේදීත් හො`ද නිර්මාණවලින් පේ‍්‍රක්‍ෂකයින් අතරට එන්න මම බලාපොරොත්තු වෙනවා.

 අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment