හර්ෂණී මියගියේ දොස්තරගේ වරදින් – සොහොයුරා කියයි

1402

ජීවිතය හරි පුදුම දෙයකි. බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නමැති සුන්දර තරුණියගේ ජීවිතයට සිදුවූ දෙයින්ම අපට එය තේරුම් ගත හැකිය. ඇය පාසල් අධ්‍යාපනය නිම කර යුග දිවියට ගියේ කොයි තරුණියකගෙත් සිතේ ගොඩ ගැසෙන දහසකුත් එක්ක ප්‍රාර්ථනා පොදි බැඳගෙනය. ඇය විවාහ වූයේ මීට මාසයකට පෙරාතුවය. ඒ පසුගිය අගෝස්තු මස 13 වැනිදාය. විවාහ වී දින කිහිපයකින් රෝගී වූ ඇය රෝහල් ගත කළේ ඒ අනුවය. නමුත් වෛi කාර්ය මණ්ඩල වරදකින් හෝ දෛවයේ සරදමකට ලක්ව හෝ ඇය මෙලොව හැර ගියේ ආදරණීය සැමියාගේත්, නෑ හිතමිතුරන්ගේ නෙත් අග මතු කළ කඳුළු ගඟ දෙකොපුල් දිගේ කඩා හැළෙද්දීය. ඇගේ නිසල සිරුර නිවසට ගෙන ආවේ ඇගේ උපන් දිනය යෙදී තිබූ ඊයේ (28 වැනිදා) ය.

හර්ෂණී මියගියේ දොස්තරගේ වරදින් - සොහොයුරා කියයි

දෛවය මොන තරම් කුරිරුද? මැය රූමත්ය. විවාහ වී මසක් ගිය තැන ඇය යන්නටම යන්න ිගියේ නිසල සිරුර උපන් දින දවසේම නිවසට ගෙන එන්නට ඉඩ හරිමිනි.

ආදරණීය බිරිඳගේ, දියණියගේ, මිතුරියගේ උපන්දින කේක් එක සාලය මැදට ගෙන ආවේ ඇගේ නිසල සිරුර බහාලූ පෙට්ටිය අසලටය.

හර්ෂණී මියගියේ දොස්තරගේ වරදින් - සොහොයුරා කියයි



උපන් දිනයදාම ඇය ආපසු මෙලොව හැර ගියේ මුළු ජා-ඇලම කම්පාවට පත් කරමිනි. සතුටු සිතින් කේක් කපා කේක් කෑල්ලක රස බෙදා හදාගන්නට බලාසිටි සැමියාට හැඬුම් මිස සතුටු සිනාවක් නැත. දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩ දී ඔහු මේ දුක කීවේද දුක ඉවසාගත නොහැකි වේදනාවෙනි. බුද්ධිකා විවාහ කරගෙන සමරන ඇගේ පළමු උපන් දිනය අවාසනාවන්තම දිනයක් බවට පෙරළී ගොස් තිබුණේ එලෙසිනි.

බුද්ධිකා ඔබ දෙව් මව්තුරුලේ සැතපේවා. සැමියාත්, දෙමාපිය ඥාතීන් ඇතුළු යාච්ඤා කළේ ඇස්වල කඳුළු පුරෝගෙනය.

ඇගේ උපන් දිනය දා කේක් කපා එය සැමරුවේ ඇය යළි නොනැගිටින තද නින්දක පසුවද්දීය. බැලූ බැලූ නෙත්වල කඳුළුය. ජීවිතේ යනු මෙයය. දුක සතුට යනු මෙයම නොවේද?

මේ ඇගේ කතාවයි.

බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නම්වු සොඳුරු රූමතිය දෙමාපිය සහෝදර නෑ හිතවතුන්ගේ ආශිර්වාදය මැද දහසක් සොඳුරු බලාපොරොත්තු පොදිබැඳගෙන ඉකුත් 13 දින රසික ජයතිලක සමග විවාහ ජීවිතයට ඇතුළත් වූ බව ඇගේ සොහොයුරු ප්‍රසාද් ධර්මවික්‍රම පවසා සිටියා. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විවාහ වීමට පෙර පසුගිය අගෝස්තු මාසයේ 01 දින ඇයට බඩේ අමාරුවක් තිබුණ බවයි. වෛiවරයෙකු ගෙන් බෙහෙත් ගත්තා. අගෝස්තු 13 විවාහයත් ලස්සනට කෙරුණා. නමුත් විවාහ වී දවස් 2 කින් යළි ඇය පෙර රෝගයෙන්ම පෙලෙන්නට වුණා.

පවුලේ වෛiවරයාගේ උපදෙස් පිට අපි අක්කව වත්තල ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. එහිදී අක්කාව පරීක්‍ෂා කළ වෛiවරයාගේ තීරණය වූයේ පිත්තාශයේ ඇති ගල් ඉවත් කිරීමට ශල්‍යකර්මයක් කළ යුතුව ඇති බවයි. එය සාමාන්‍ය ශල්‍යකර්මයක් බවත් ඔහු පවසා සිටියා. අපි ඔහුගේ තීරණයට එකඟ වුණා. ශල්‍යකර්මය එහිදී සිදු කෙරුණා.

නමුත් ශල්‍යකර්මය කළාට පස්සේ අක්කාට අමාරු වුණා. එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට අක්කව ඇතුල් කළා. තත්ත්වය තවත් නරක අතට හැරෙමින් තිබෙන බව එත්තු යෑමෙන් වහාම අක්කාව රාගම ශික්‍ෂණ රෝහලට ගෙන ගියා. එහිදී ඇයව දැඩි සත්කාර ඒකකයට යොමු කළා.

එහිදී ලක්‍ෂ 09ක් වටිනා එන්නත් දෙකක් අපි අපේ වියදමින් රෝහලට ගෙනත් දුන්නා. නමුත් මාසයකට ආසන්න දින ගණනක් දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ඇය ඉකුත් 25 දින

මියගියා. ඇයගේ මරණය පිළිබඳ ගැටලු රැසක් අපට තියෙනවා. ඇගේ මරණය සිදුවූයේ වත්තල පෞද්ගලික රෝහලේදී ඇයව ශල්‍යකර්මය සිදු කළ වෛiවරයාගේ නොසැලිකිලිමත්කම නිසා බවයි අපි කියන්නේ. ඇගේ හදිසි මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ ඇයට කළ ශල්‍යකර්මය නිසා ඇතිවුණ සංකූලතා හේතුවෙන් ඇගේ මරණය සිදුවුණා කියලයි. ඉදිරියේදී ඇගේ මරණය පිළිබඳව අපි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වනවා.

ඇගේ අවසන් කටයුතු අද (29 වැනිදා) සවස 3.00 ට ජා-ඇල දෑලතුර රෝමානු කතෝලික පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

බී. ටී. කේ. – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment