හර්ෂිතා ශ්‍රී ලංකාවට දෙවැනි ජය ගෙන එයි

558

ආරම්භක පිතිකාරිණි හර්ෂිතා මාධවී පන්දු 69ක් තුළ ලබාගත් ලකුණු 81 ඉනිමෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තමන් සහභාගි වූ දෙවැනි තරගයෙන් ද ජය ගැනීමට ඊයේ (04 වෙනිදා ) සමත් විය.

තායිලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 49 ජයග්‍රහණයක් ලබා ගත් අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා මෙවර තරඟාවලිය ලබාගත් දෙවැනි ජයග්‍රහණය වේ.

ඔවුන් මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 11 ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඉන්දියාවට එරෙහිව පරාජයට පත් විය.

ඊයේ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 156ක් ලබා ගත් අතර තායිලන්ත කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 107ක් පමණි.

හර්ෂිතා මාධවී සිය ඉනිම සඳහා හතරේ පහරවල් 10ක් ඇතුළත් කරගත් අතර නිලක්ශි ද සිල්වා පන්දු 21කදී වේගවත් නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අචිනි කුලසූරිය කඩුලු දෙකක් ද සුගන්ධිකා කුමාරී, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment